About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Hal Aggala - හාල් අග්ගලා (බත් අග්ගලා)

පෙනුමෙන් ත්‍රිපෝෂ නැත්නම් සමපෝෂ වගේ වුනත් මේ ඒවනම් නෙමේ. මේ හාල් අග්ගලා. අපි සාමාන්යෙන් ගෙදර ඉතුරු …
Hal Aggala - හාල් අග්ගලා (බත් අග්ගලා)
පෙනුමෙන් ත්‍රිපෝෂ නැත්නම් සමපෝෂ වගේ වුනත් මේ ඒවනම් නෙමේ. මේ හාල් අග්ගලා. අපි සාමාන්යෙන් ගෙදර ඉතුරු උන බත් අව්වේ වේලලා ඇරන් බත් අග්ගලා හදනවනේ. මේ  ඒ විදිහට කබලේ බැදලා ගත්ත හාල් වලින් අග්ගලා හදපු විදිහ. ඔන්න තේ වෙලාවට නම් නියමයි. බඩත් පිරෙනවා. හදන්නත් ලේසියි.

අවශ්‍ය දේවල්:
  • හාල් කප් එකක් (මම ගත්තෙ සම්බා හාල්)
  • පොල් බෑයක පොල්
  • සීනි
  • ලුණු චුට්ටක්
  • හකුරු ටිකක් (මට හකුරු තිබුනේ නෑ මේකට දාන්න. මම දැම්මෙ පැණි චුට්ට්ක්)

සාදාගන්නා ආකාරය:
  • හාල් ටික රන් වන් පාට වෙනකම් කබලෙ බදින්න.
  • ඊට පස්සෙ සිහින්ව ග්‍රයින්ඩ් කර ගන්න.
  • පොල්, රස අනුව සීනි, රස අනුව ලුනු, පොඩියට කපා ගත් හකුරු (මම දැම්මෙ පැණි චුට්ට්ක්) ඔක්කොම එකට කලවම් කරන්න.
  • ගුලි කරන්න තෙත ගතිය මදි නම් විතරක් වතුර චූට්ටක් එකතු කරන්න.
  • දැන් ගුලි හදා ගන්න. උඩින් සීනි චුට්ටක් ඉස්සාම ලස්සනයි.
  • දැන් රස කර කර කන්න.

 


ලිපිය ලිව්වේ: Piumi Thanaweera Arachchi විසින්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment