About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Apple Dosi - ඇපල් දෝසි

ඒ වගේම ලස්සනයි නේද උඩ තියෙන පොටෝ එක? ඔන්න ඔයාලට රස කෑමක් ගෙනාවා. ඇපල් වලින් අලුත් කෑමක් හදන්න හිතුන…
Apple Dosi - ඇපල් දෝසි
ඒ වගේම ලස්සනයි නේද උඩ තියෙන පොටෝ එක? ඔන්න ඔයාලට රස කෑමක් ගෙනාවා. ඇපල් වලින් අලුත් කෑමක් හදන්න හිතුනා. අලුත් කීවට හැමෝම දන්න දෝසි තමයි හැදුවේ. හැබැයි ටිකක් වෙනස් කරලා. මේක ඇපල් විතරක් නෙවෙයි පැපොල් වලිනුත් හදන්න පුලුවන් ඇති. මම දෝසි කෑලි කපන්න තමා හිටියෙ.  පස්සෙ හයි වෙනකන් ඉන්න බැරුව බෝල හැදුවා. ඔයාලා හදලා බලන්නකො. ඇත්තමයි හරිම රසයි.

අවශ්‍ය දේවල්:
  • ඇපල් ගෙඩි 2
  • දෙහි බෑවක ඉස්ම
  • සීනි 400g
  • බටර් මේස හැඳි 1-2
  • රුලං 20g
  • බැදගත් කජු මද අවශ්‍ය පමණ
  • සුවඳ කුඩු ස්වල්පයක්

සාදාගන්නා ආකාරය:
  • ඇපල් වල පොතු ඉවත් කර ග්‍රෙට් කරන්න (කුඩා කැබලි වලට ගා ගන්න කියලා කියන්නෙ) මෙයට දෙහි ඉස්ම කවලම් කරන්න. එක කරන්නේ පාට අවපාට වීම නව‍ත්වන්න. දැන් ඇපල් රෙදි කැබල්ලක දමා ඉස්ම මිරිකා ඉවත් කර 180g සූදානම් කර ගන්න.
  • රුලං රන්වන් පාට වන තුරු බැද ගන්න.
  • බාජනයකට සීනි, ඇපල්, රුලං දමා මඳ ගින්දරේ හැඳි ගාන්න.
  • සීනි පැණි වී සියල්ල ගණ වී ගෙන එන තුරු හැඳි ගාන්න.
  • එවිට බටර් දමා කවලම් කරන්න.
  • එක ගුලියක් වගේ හැදීගෙන එනවිට සුවඳ කුඩු සහ කජු දමා කවලම් කරන්න. කැමති නම් ආහාර වර්ණක දාන්නත් පුලුවන්.
  • මෙය තෙල් තවරා ගත් තැටියකට වත් කරන්න. හැන්දෙන්ම තුනී කරන්න.
  • නිවුණු පසු කෑලි කපන්න. හොඳින් සවි වන තුරු තැටියේම තබන්න. කැමති නම් බෝල හදන්නත් පුලුවන්.

වැදගත්:
  • පැපොල් වලින් හදනවා නම් හොඳටම ඉදෙන්න කලින් ගෙඩියක් අරන් ග්‍රේට් කරලා උණු වතුරේ දාලා මිරිකා ගන්න.
  • සුවද කුඩු කියන්නේ එනසාල්, කරාබු නැටි, සාදික්කා, කුරුඳු පොතු බැදලා කොටලා හදා ගන්න කුඩු. එනසාල්, කරාබු නැටි විතරක් වුණත් කමක් නෑ.

පල්ලෙ පොටෝ ටිකත් බලන්නකෝ:
මුලින්ම දන්න කියලා තියෙන දේවල් දාලා ඉවරවෙලා සීනි පැණි වෙලා සියල්ල ගණ වී ගෙන එන තුරු හැඳි ගාන්න ඕන. එතකොට බටර් දමා කවලම් කරන්න ඕන. 

ඊට පස්සෙ සුවඳ කුඩු සහ කජු එහෙම දමා කල්වම් කරාට පස්සෙ කැමති නම් ආහාර වර්ණක දාන්නත් පුලුවන්.

ඔන්න මම තැටියකට මිශ්‍රනය දාලා තුනී කරගත්තා. කජු වලින් පොඩ්ඩක් සරසත් ගත්තා.

දෝසි කෑලි කපන්න තමා හිටියෙ. මම හයි වෙනකන් ඉන්න බැරුව බෝල හැදුවා.
ලිපිය ලිව්වේ: Indunee Welivita මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment