About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Brinjol Curry - වම්බටු ගෙඩිය පිටින් ඉවීම

උයමුද වම්බටු ගෙඩිය පිටින්ම? ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ වම්බටු ගෙඩිය පිටින්ම උයන්නෙ කොහොමද කියලා. ම…
Brinjol Curry - වම්බටු ගෙඩිය පිටින් ඉවීම
උයමුද වම්බටු ගෙඩිය පිටින්ම? ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ වම්බටු ගෙඩිය පිටින්ම උයන්නෙ කොහොමද කියලා. මේක මේ ලිපිය ලියන මහත්මයාගේ අම්මා හදන විදිහලු.

අවශ්‍ය දේවල්:
  • කුඩා ප්‍රමානයේ වම්බටු ඔබට අවශ්‍ය පමන
  • ගොරකා බික් දෙකක් තුනක්
  • සුදු ළූනු බික් කීපයක්
  • කරපිංචා
  • රම්පේ
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • ලුනු රස පදමට
  • බැදපු තුනපහ
  • මිරිස් කුඩු
  • කහ කුඩු
  • කැබලි මිරි
  • රතු ළූනු ගෙඩි කීපයක්
  • උකු මිටිකිරි කෝප්පයක්
  • දියකිරි ටිකක්
(මේ ප්‍රමානවල් ඔබගේ අවශ්‍යතාවය මත වෙනස් වෙයි)


සාදාගන්නා ආකාරය:
  • මුලින්ම සොදා ගත් වම්බටු ගෙඩි ටික දික් අතට කපා ගන්න.
  • ඉන් පසු මිරස් කුඩු, ලුනු, කහ සහ ගම්මිරිස් කුඩු, ගොරකා කපාගත් වම්බටු සමග බාජනයකට දමා හොඳින් අතගාන්න.
  • ඉන් පසු රතුළූනු කපා ගන්න.
  • කපා ගත් ළූනු කැබලි, මිරිස්, කරපිංචා, කුරුදු කැබැල්ල, තුනපහ කුඩු, සියල්ල ලිප තබාගත් මැටි බාජනයකට (මැටි බාජනයක් නොමැතිනම් වෙනත් එකක්) තෙල් ටිකක් දමා රත් වූ පසු ඉහත මිශ්‍රණය දමා තෙම්පරාදු කරන්න. මෙයටම වම්බටු ටිකද එක් කරන්න.
  • ටික වේලාවක් තෙම්පරාදු වූ පසු එයට දියකිරි ටික එක්කරන්න.
  • කිරි හිඳෙන විට එයට මිටිකිරි එක් කරන්න. එය බාගෙට හිඳෙන විට ලිපෙන් බාගන්න.

වැදගත්:
  • තව මේක හදනකොට ඔයාලා කැමතිනම් කරවල කෑල්ලකුත් දාගන්න. එතකොට තවත් රසයි.






ලිපිය ලිව්වේ: Nuwan Tharanga Wickramage මහත්මයා.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment