About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Thampala - තම්පලා නියබලාව

සුපුරුදු පරිදි අපේ මිතුරිය උත්පලා, ඔන්න ආයෙත් ඔයාලට කෑමක් හදන විදිහ කියලා දෙන්න ඇවිල්ලා. ඔන්න අද එය…
Thampala - තම්පලා නියබලාව
සුපුරුදු පරිදි අපේ මිතුරිය උත්පලා, ඔන්න ආයෙත් ඔයාලට කෑමක් හදන විදිහ කියලා දෙන්න ඇවිල්ලා. ඔන්න අද එයා අපිට කියලා දෙන්න යන්නෙ නියම සිංහල කෑමක් හදන විදිහ. තම්පලා නියබලාවක් හදන විදිහ තමා එයා ඔයාලට කියලා දෙන්න යන්නෙ. අපි නියබලාවක් කියන්නෙ සාමාන්‍යයෙන් එළවලුවක්‌ හරි පළාවර්ගයක් හරි මුලින්ම වතුර ටිකක් අතගාලා උයාගෙන පස්සෙ පොල්, ලුණු, ගම්මිරිස්‌, සුදු ළුනු එහෙම අඹරලා දාලා හදන මාළුවට. ඔන්න ලිපිය දාන්නෙ අපේ උත්පලා මිතුරිය ලියපු විදිහටමයි.

අවශ්‍ය දේවල්:
  • තම්පලා 500g පමණ (කොල දලු සහ ලපටි දඩු)
  • පොල් මේස හැඳි 2
  • අබ තේ හැඳි 1
  • ගම්මිරිස් තේ හැඳි 1/2
  • සුදුලුනු බික් 2/3
  • මිරිකිරි කොප්ප 1/2
  • මිරිස් කුඩු තේ හැඳි 1/2
  • කපාගත් ලුනු ටිකක්
  • කහ කුඩු ටිකක්
  • අමු මිරිස් කරලක්
  • ලුනු
  • අවශ්‍ය නම් උම්බලකඩ ටිකක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම තම්පලා සෝදා, වතුර බේරෙන්න තබා, කුඩාවට කඩා භාජනයකට දමා ගන්න.
  • එයට ලුනු ටිකක්, අමු මිරිස්, ලුණු, උම්බලකඩ, කහ, මිරිස් කුඩු, දමා හොදින් අනා වතුර ටිකක් අතගා, බදුන වසා උයා ගන්න.
  • පලා ටික හොදින් ඉදුණු පසු, ගම්මිරිස්, අබ, සුදුලුනු, පොල්, සිහින් වෙන්නට අබරාගෙන එම මිශ්‍නය මිටිකිරි වල දියකර පලා වලට මිශ්‍ර කරගෙන හොදින් කූරු ගා ගන්න.
  • විනාඩි 5ක් අඩු ගින්දරේ තබා ලුනු බලා බා ගන්න. (මම ආසනම් සුදුලුනු රස හොදින් එනවට ඒ නිසා සුදුලුනු බික් 3 ක්ම දැම්මා.)

වැදගත්:
  • වට්ටක්කා දලු, ගෙද, සාරන, කුමටිය වගේ පලා වර්ගත් මේ විදිහට හදා ගන්න පුලුවන්. 
 
 
 
ලිපිය අපිට එව්වේ උත්පලා පියදාස කියලා රෝමයේ ඉන්න අපේ සුපුරුදු මිතුරිය. ඉතිං අපි හැමොම, උත්පලා මේ වගේ එයා කෑම හදන විදිහ අපිට කියලා දුන්නට ස්තූති වන්ත විය යුතුයි. ආයෙමත් උත්පලාව හමුවෙමුකෝ උත්පලාගේ ඊලග ලිපියෙන් එහෙනම්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment