About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Agati Flower & Egg Curry - කතුරුමුරුංගා මල් බිත්තර ව්‍යාංජනය

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ කතුරුමුරුංගා මල්, ඒ වගේම බිත්තර එහෙම දාලා ව්‍යාංජනයක් හදාගන්න විදිහ. බල…
Agati Flower & Egg Curry - කතුරුමුරුංගා මල් බිත්තර ව්‍යාංජනය
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ කතුරුමුරුංගා මල්, ඒ වගේම බිත්තර එහෙම දාලා ව්‍යාංජනයක් හදාගන්න විදිහ. බලන්නකෝ එහෙනම් මේක හදන්නෙ කොහොමද කියලා.
 
අවශ්‍ය දේවල්:
  • කතුරුමුරුංගා මල්
  • කහ කුඩු ස්වල්පයක්
  • තුනපහ කුඩු ස්වල්පයක්
  • කෑලි මිරිස් හෝ මිරිස් කුඩු ස්වල්පයක්
  • උම්බලකඩ කුඩු
  • ලියා ගත් අමු මිරිස්
  • ලියා ගත් රතු ලූණු
  • බිත්තරයක්
  • තෙල් ස්වල්පයක්
  • මිරි කිරි අඬු කොප්ප ½
  • ලුණු (රස අනුව)
 
සාදා ගන්නා ආකාරය:
  • කතුරුමුරුංගා මල් වල රේණු සහ නාරටි ඉවත් කර සෝදා පිරිසිදු කර ගෙන වතුර බේරීමට ටික වේලාවක් තබන්න.
  • පසුව එයටම කුහ කුඩු, තුනපහ කුඩු සහ මිරිස් කුඩු එක් කර ගෙන අත ගා ගන්න. (කෑලි මිරිස් යොදා ගන්නවා නම් අවසානයට බිත්තරය දැමීමට කලින් එකතු කර ගත යුතුය.)
  • දැන් පෑන් එකක් ලිප තබා එයට තෙල් ටික දමා ගෙන තෙල් රත් වන විට එයට රතු ලූණු එක් කරන්න.
  • රතු ලූණු රන් වන් පැහැයට බැදුනු පසු එයට කතුරුමුරුංගා මල්, අමු මිරිස්, උම්බලකඩ කුඩු සහ රස අනුව ලුණු එකතු කර මද ගින්නේ පිස ගන්න.
  • කතුරුමුංගා මල් වල වතුර ගතිය හිදුනු පසු එයට බිත්තර දමා ගෙන මිශ්‍ර කර ගෙන සුළු වේලාවක් පිස ගන්න.
  • අවසානයේ දී එයට මිටි කිරි දමා කිරි ටික හිදෙන තුරු පිස ගෙන ලිපෙන් බා ගන්න.






ලිපිය ලිව්වේ ටී. ප්‍රියන්ති තඹවිට මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment