About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Carrot Burfi - කැරට් බෆී

ඔන්න අද අපේ අල්ලපු රටේ, ඒ කියන්නේ ඉන්දියාවේ අය අතර ජනප්‍රිය රස කැවිල්ලක් හදන හැටි තමයි කියන්න යන්නේ…
Carrot Burfi - කැරට් බෆී
ඔන්න අද අපේ අල්ලපු රටේ, ඒ කියන්නේ ඉන්දියාවේ අය අතර ජනප්‍රිය රස කැවිල්ලක් හදන හැටි තමයි කියන්න යන්නේ. හින්දියෙන් නම් ගාජර් බෆී (Gaajar Barfi) කියලා තමයි කියන්නේ, අපිත් එහෙනම් මේ රසම රස කැරට් බෆී හදලා බලමුකෝ. 

අවශ්‍ය දේවල්:
  • ගා ගත් (ග්‍රේට් කර ගත්) කැරට් කප් 2
  • නැවුම් කිරි (Fresh milk) කප් 2
  • හෙවි ක්‍රීම් කප් (Heavy cream) 1/3
  • සීනි කප් 1/2
  • ගිතෙල් (Ghee) මේස හැදි 2
  • කරදමුංගු/ එනසාල් කුඩු තේ හැදි 1/4
  • කුඩා කැබලි කපා ගත් කජු මද 10-15
  • සරසා ගැනීම සඳහා කජු මද කිහිපයක්

සාදා ගන්නා ආකාරය:
  • සුදුසු භාජනයක් ගෙන ලිප තබා එයට නැවුම් කිරි, හෙවි ක්‍රීම් සහ කැරට් දමා ගෙන සාමාන්‍ය තද ගින්දරේ හැදිගාමින් කිරි ටික නටා ගෙන එන තෙක් පිස ගන්න.
  • කිරි ටික උතුරන්නට පටන් ගත් විට ගින්දර අඩු කර විනාඩි 25ක් පමණ කැරට් ටික එක කැටියට ගුලි ගැසීමට පටන් ගන්නා තෙක් හොඳින් හැදි ගාමින් පිස ගන්න.
  • දැන් එයට සීනි ටික එක් කර විනාඩි 10ක් පමණ හොඳින් හැදි ගාමින් පිස ගන්න.
  • සීනි හොඳින් දිය වී මිශ්‍රණය ටිකක් මෘදූ වූ පසු එයට ගිතෙල්, කරදමුංගු කුඩු සහ කුඩා කැබලි කපාගත් කජු මද ටික එක් කර තවත් විනාඩි 4ක් 5ක් පමණ පිස ගන්න.
  • මිශ්‍රණය එක ගුලියක් ආකාරයට ඒමට පටන් ගත් විට ලිපෙන් බා ගෙන බටර් ගා ගත් තැටියක/ට්‍රේ එකක අඟල් ½ක් පමණ ඝනකම සිටින සේ තුනී කර ගන්න.
  • පසුව සෙට් වීමට පැයක් දෙකක් පමණ තබා ගෙන අවශ්‍ය ආකාරයකට කෑලි කපා කජු මද වලින් සරසා ගන්න.

වැදගත්:
  • මේ සඳහා නොන්ස්ටික් පෑන් (Nonstick Pan) එකක් පාවිච්චි කළ හැකි නම් වඩාත් සුදුසු ය.
  • කැමති අයෙකුට මේ සඳහා වියළි මිදි ද එකතු කර ගත හැකිය.
  • අවශ්‍ය නම් වැඩි පැණි රසයක් ලබා ගැනීමට මේ සඳහා යොදා ගන්නා සීනි ප්‍රමාණය වැඩි කර ගත හැකිය.
  • ගිතෙල් නොමැති නම් බටර් එක් කර ගත හැකිය.






මේ ලිපිය සිංහලට කරපු පරිවර්තනයක්. කරුණු ලබාගත්තේ manjulaskitchen.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment