About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Potato with Anchovy - අල, හාල්මැස්සො එකට දාලා හොද්දක්

ඔන්න ආයෙත් අපේ උත්පලා මිතුරිය ඔයාලට ව්‍යංජනයක් හදන විදිහ කියලා දෙන්න යන්නෙ. මීට කලිනුත් එයා අපිට පර…
Potato with Anchovy - අල, හාල්මැස්සො එකට දාලා හොද්දක්
ඔන්න ආයෙත් අපේ උත්පලා මිතුරිය ඔයාලට ව්‍යංජනයක් හදන විදිහ කියලා දෙන්න යන්නෙ. මීට කලිනුත් එයා අපිට පරිප්පු තෙල් දාන විදිහ එහෙම කියලා දුන්න මතකද? එයත් ඔයාලා වගේම ඉවුම් පිහුම් ඇප් එක බලලා කෑම හදන් කෙනෙක්. ඔන්න එයා කියලා දෙන්න යන්නෙ එයා ආසම ඒ වගේම ඉක්මනින් පහසුවෙන් හදාගන්න පුලුවන් අල, හාල්මැස්සො හොද්දක් හදාගන්න විදිහ. බත්, පාන්, ඉදිආප්ප, රොටී, ඕනෑම දෙයක් සමඟ ගෙලපෙන හොද්දක්නෙ මේක .මේ හොද්ද එක්ක තව මොනව හරි දෙයක් තිබුනනම් හරි. ඔන්න අපේ කුස්සියට අලුත් නෝන මහත්වරුන්ට තමයි මේක ගොඩක් වටින්නෙ. මේකට හාල්මැස්සො වෙනුවට කරවල දාන්නත් පුලුවන්. ඒ වගේම කැමතිනම් මාලු මිරිස් දාන්නත් අමතක කරන්න එපා..

අවශ්‍ය දේවල්:
  • අල ගෙඩි 2ක්
  • හාල්මැස්සන් 60g පමණ
  • මිරිස් කරල් 3
  • ළුුනු ගෙඩි 1/2ක්
  • කහ කුඩු ටිකක්
  • මිරිස් කුඩු මේස හැඳි 1/2
  • තුනපහ කුඩු මේස හැඳි 1/2
  • කරපිංචා ටිකක්
  • පොල්කිරි කෝප්ප 11/2
  • තිබේනම් මාලු මිරිස් කරක් 4ක් 5ක්
  • ලුනු ටිකක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අල සෝදා කපා ගන්න.
  • ඊටපස්සෙ කරවල හෝ හාල්මැස්සන් සෝදල ගන්න.
  • ඊටපස්සෙ මාලු මිරිස් හැර, අල ටිකයි, කරවල නැත්නම් හාල්මැස්සො ටිකයි, ඒ වගේම උඩ අවශ්‍ය දේවල් වල දාලා තියෙන ඔක්කොම බදුනකට දාලා මද ගින්නේ උයා ගන්න. අවසානයේ විනාඩි 5කට පෙර තම්යි මාලු මිරිස් දමා ගන්න ඕන.
  • හදලා බලන්නකෝ එහෙනම්.
 
 
 
 
ලිපිය අපිට එව්වේ උත්පලා පියදාස කියලා රෝමයේ ඉන්න මිතුරියක්. මේ එයාගෙ දෙවැනි ලිපිය. ඉතිං අපි හැමොම, උත්පලා මේ වගේ එයා කෑම හදන විදිහ අපිට කියලා දුන්නට ස්තූති වන්ත විය යුතුයි නේද. ආයෙමත් උත්පලාව හමුවෙමුකෝ උත්පලාගේ ඊලග ලිපියෙන් එහෙනම්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment