About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

French Macarons - ප්‍රංශ මැකරෝනි

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස කුකීස් වර්ගයක් හදාගන්න විදිහ. මේවට කියන්නෙ මැකරෝනි කුකීස් කියලා.
French Macarons - ප්‍රංශ මැකරෝනි
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස කුකීස් වර්ගයක් හදාගන්න විදිහ. මේවට කියන්නෙ මැකරෝනි කුකීස් කියලා. 

මැකරෝනි කුකීස් සාදා ගැනීම සඳහා අවශ්‍ය දේවල්:
  • අයිසින් සීනි (Icing sugar) 200g
  • ආමන්ඩ් පිටි (Almond flour) 100g
  • කාමර උෂ්ණත්වයේ පවතින බිත්තර සුදුමද 120g (ලොකු බිත්තර 3ක පමණ බිත්තර සුදුමද)
  • ලුණු කුඩු තේ හැදි 1/8 
  • සීනි 40g (මේස හැදි 3)
  • කැමති පාටකින් කලරින් (Coloring) බින්දු 1-3ක්
  • කැමති රස කාරක වර්ගයකින් තේ හැදි 1/2ක්

බටර් අයිසිං සාදා ගැනීම සඳහා අවශ්‍ය දේවල්:
  • අයිසිං සීනි (Icing sugar) 100g
  • බටර් (Butter)/ මාගරින් (Margarine) 200g
  • වැනිලා (Vanilla) තේ හැදි 1/2ක්

සාදා ගන්නා ආකාරය:
  • ආමන්ඩ් පිටි සහ අයිසිං සීනි මිශ්‍ර කර දෙ තුන් වරක් හොඳින් පෙනේරයකින් හලා ගෙන පසෙකින් තබන්න.
  • පසුව වීදුරු බෝල් එකක් හෝ සුදුසු භාජනයක් ගෙන එයට බිත්තර සුදුමද සහ ලුණු දමා ගෙන බීටරයේ මැද වේගයෙන් විනාඩියක් පමණ හොඳින් බීට් කර ගන්න.
  • ඉන් පසුව බීටරයේ උපරිම වේගයෙන් විනාඩි 3ක් පමණ පුළුන් මෙන් පෙණ කැටි කදු මෙන් නගින තෙක් ගසා ගන්න. (අනවශ්‍ය ලෙස ඕනවට වඩා බීට් නොකරන්න.)
  • එයටම වරකට සීනි මේස හැන්ද බැගින් එකතු කරමින් හැන්දකින් පෙරලමින් මිශ්‍ර කර ගන්න. (අනවශ්‍ය ලෙස ඕනවට වඩා මිශ්‍ර නොකරන්න.)
  • දැන් එයට කලරින් සහ රසකාරක ද එකතු කර බීටරයේ අඩුම වේගයෙන් මදක් බීට් කර ගන්න.
  • ඉන් පසුව කලින් හලා ගත් අයිසිං සීනි සහ ආමන්ඩ් පිටි හැන්දක් ආදාරයෙන් මෘදුව පෙරලමින් මිශ්‍ර කර ගන්න. (මෙවිට මදක් ඇලෙන සුළු, යන්තමින් දිලිසෙන, ඉතා මෘදු මිශ්‍රණයක් ලැබේ.)
  • පසුව සාදා ගත් මිශ්‍රණය කාමර උෂ්ණත්වයේ විනාඩි 10 - 30ක් පමණ තබන්න (මිශ්‍රණය නොවසා තබන්න.)
  • අනතුරුව බේකින් ට්‍රේ (Baking tray) එකකට හෝ සිලිකන් මැට් (Silicon mat) එකකට බේකින් පේපර් (Baking paper) 1ක් දමා ගන්න.
  • දැන් පයිපින් බෑග් (Piping bag) එකක් ගෙන සාදා ගත් මිශ්‍රණය පුරවා ගෙන අඟල් 2ක් පමණ විෂ්කම්බය ඇති රවුම් දමා ගන්න.
  • ඉන් පසු මෙම බේකින් ට්‍රේ එකට හෝ සිලිකන් මැට් 1ට දමා ගත් මැකරෝනි මිශ්‍රණය විනාඩි 45ක් - පැයක් පමණ වේලාවක් අවන් එකේ බේක් කිරීමට පෙර කාමර උෂ්ණත්වයේ තබා තියන්න.
  • පසුව කලින් 325°F/ 163°C ට රත් කර ගත් අවන් එකක විනාඩි 10 බේක් කර ගන්න.(බේක් කරන අතර තුර විනාඩි 5 සීමවට පැමිණි විට ට්‍රේ එක හරවා ගන්න.)
  • මැකරෝනි කුකීස් බේක් වන අතර තුර  අයිසින් සීනි, බටර්/මාගරින් සහ වැනිලා භාජනයකට දමා හොඳින් බීට් කර ගෙන බටර් අයිසිං සාදා ගන්න.
  • අවසානයේ දී මැකරෝනි කුකීස් හොඳින් නිවුනු පසු කුකීස් 2 බැගින් ගෙන බටර් අයිසින් වලින් සැන්ඩ්විච් කර ගන්න.

වැදගත්:
  • මෙහිදී යොදා ගන්නා බිත්තර සුදුමද භාවිතා කිරීමට පෙර බිත්තර කඩා සුදුමද බිත්තරෙන් ඉවත් කර පැය 2ක් 3ක් කාමර උෂ්ණත්වයේ තබා තියන්න.
  • මෙහි දී රසකාරක ලෙස ආමන්ඩ් එසන්ස් (Almond essence), වැනිලා (Vanilla), රෝස වතුර (Rose water) වැනි දේවල් භාවිතා කළ හැකිය.
  • මැකරෝනි කුකීස් සැන්ඩ්විච් කිරීම සඳහා කැමති වර්ගයක අයිසිං (Icing), චොකල්ට් ක්‍රීම් (Chocolate cream), ජෑම්(Jam), විපින් ක්‍රීම් (Whipping cream), පීනට් බටර් (Peanut butter), ක්‍රීම් චීස්(Cream cheese) ආදිය භාවිතා කළ හැකිය.

පල්ලෙ තියෙන පොටෝ ටිකත් බලන්නකෝ:


පයිපින් බෑග් එකෙන් මෙන්න මේ වගේ දාගන්න ඕන.


 මේ තියෙන්නෙ බේක් කරගත්ත මැකරෝනි කුකීස්.

 අන්තිමට මැකරෝනි කුකීස් හොඳින් නිවුනට පස්සෙ කුකීස් 2ගානෙ ඇරන් බටර් අයිසින් වලින් සැන්ඩ්විච් කර ගන්න මේ වගේ.





මේ ලිපිය සිංහලට පරිවර්තනය කරපු ලිපියක්. කරුණු ගත්තේ sallysbakingaddiction.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment