About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Coffee Pudding - කෝපි පුඩිං

හදමුද කෝපි, කිරි එහෙම දාලා පුඩිං එකක්? බලන්නකෝ මේක හදන විදිහ එහෙනම්. අවශ්‍ය දේවල්: නැවුම් කිරි (Fresh…
Coffee Pudding - කෝපි පුඩිං
හදමුද කෝපි, කිරි එහෙම දාලා පුඩිං එකක්? බලන්නකෝ මේක හදන විදිහ එහෙනම්.
 
අවශ්‍ය දේවල්:
  • නැවුම් කිරි (Fresh milk) 235ml
  • උණු වතුර 235ml
  • උකු කළ ටින් කිරි (Condensed milk) 390g
  • සීනි 50g
  • නෙස්කැෆේ කෝපි කුඩු (Nescafe coffee powder) මේස හැදි 3
  • ජෙලටින් කුඩු (Gelatin) තේ හැදි 2
  • කස්ටඩ් පවුඩර් (Custard powder) මේස හැදි (50g පමණ)

සාදා ගන්නා ආකාරය:
  • උණු වතුර ගෙන එහි ජෙලටින් සහ කෝපි දිය කර ගන්න.
  • පසුව වෙනත් සුදුසු භාජනයකට කස්ටඩ් පවුඩර් හා නැවුම් කිරි ස්වල්පයක් එක් කර කස්ටඩ් පවුඩර් ටික දිය කර ගන්න.
  • ඉන් පසුව ඉතුරු නැවුම් කිරි ටික සහ සීනි ටික ද එයටම එක් කර ගෙන එය අඩු ගින්දරේ හොඳින් හැදි ගාමින් උතුරන තෙක් උණු කරන්න.
  • දැන් කස්ටඩ් මිශ්‍රණය උණුවෙන්ම තිබියදී එයට කෝපි මිශ්‍රණය සහ උකු කළ ටින් කිරි එකතු කර හොඳින් බීට් කරන්න.
  • අවසානයේදී වීදුරු බෝල් එකකට හෝ සුදුසු භාජනයකට බීට් කර ගත් පුඩිං මිශ්‍රණය එක් කර සෙට් වන තුරු පැය කිහිපහයක් (අවම පැය 3 - 4ක් වත්) ශීතකරණයේ තබා ගෙන කැමති ආකාරකට චොකලට් වැනි යමකින් සරසා ගෙන පිළිගන් වන්න.

වැදගත්:
  • අවශ්‍ය නම් තම තමන් කැමති ආකාරයකට මෙහි භාවිතා කර ඇති සීනි ප්‍රමාණය අඩු වැඩි කළ හැකි අතර උකු කළ ටින් කිරි වල ද සීනි අඩංගු වන නිසා භාවිතා කරන සීනි ප්‍රමාණය පිළිබදව සැළකිලිමත් වන්න. නැතහොත් සීනි භාවිතා නොකරම සාදා ගත හැකිය.
  • උකු කළ ටින් කිරි 390g සඳහා මිල්ක්මේඩ් (Milkmaid) පොඩි ටින් එකක් ප්‍රමාණවත් වේ.
  • තම තමන් කැමති රස අනුව භාවිත කරන කෝපි ප්‍රමාණය අඩු වැඩි කළ හැකිය.







ලිපිය ලියන්න කරුණු ටිකක් ලබාගත්තා infolanka.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment