About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Thai Rice Pudding - තායි රයිස් පුඩිං

හදමුද රසම රස තායි රයිස් පුඩිං එකක්. මේක හදලා නිවුනට පස්සෙ කාගෙන කාගෙන යන්න තමයි තියෙන්නෙ. ඒ තරම් රස…
Thai Rice Pudding - තායි රයිස් පුඩිං
හදමුද රසම රස තායි රයිස් පුඩිං එකක්. මේක හදලා නිවුනට පස්සෙ කාගෙන කාගෙන යන්න තමයි තියෙන්නෙ. ඒ තරම් රසයි! ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ හදන විදිහ. හදමුකෝ එහෙනම්.
අවශ්‍ය දේවල්:
  • පිස ගත් සුදු බත් 400g
  • සිහින්ව කපා ගත් රට ඉඳි 50g
  • රෝස් කර ගත් කජු 50g
  • වියළි මිදි 50g
  • මිටි කිරි අඬු කෝප්ප 4
  • කරදමුංගු (එනසාල්) 3-4
  • කුරුඳු පොතු කැබැල්ලක්
සාදා ගන්නා ආකාරය:
  • සුදුසු භාජනයක් ලිප තබා එයට මිටි කිරි සහ පිස ගත් බත් එකතු කරන්න.
  • දැන් මෙයට කුරුඳු හා තලා ගත් එනසාල් එකතු කරන්න.
  • මෙය හොඳින් කලවම් කරමින් මද ගින්නේ පිස ගන්න.
  • ඉන්පසු එයට රට ඉඳි හා වියළි මිදි එකතු කර ගන්න.
  • කිරි හිඳී ගෙන එන විට කජු එක් කරන්න.
  • කිරි හිඳුනු පසු ලිපෙන් බා ගෙන සුදුසු ප්‍රමාණයේ වීදුරු භාජනයකට හෝ කුඩා වීදුරු බෝල් කිහිපයකට දමා ගන්න.
  • නිවුනු පසු පැය 3-4ක් ශීතකරණයේ තබා ගැනීමෙන් පස්සෙ කාගෙන කාගෙන යන්න තමයි තියෙන්නෙ.
වැදගත්:
  • මේකට තායි රයිස්, සුදු කැකුළු, බාස්මතී වගේ හාල් වලින් සාදා ගත් බත් තමා ගොඩක් ගැලපෙන්නෙ.
  • ඒ වගේම මේකට බෙරි වෙන්න උයා ගත්ත බත් තාමා ගන්න ඕන.
  • කැමති නම් මේකට විවිධ පළතුරු චෙරි බෙරි වර්ග එක් කර ගන්න පුලුවන්.
     ඔන්න අපිනම් කන්න හදන්නේ..






    ලිපිය ලියන්න කරුණු ලබා ගත්තේ Hemadama Aadaren on RanOne FM ෆේස්බුක් පිටුවේ අය ලියපු ලිපියකින්.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment