About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Beet (Beetroot) - බීට් උයන ක්‍රම දෙකක්

ඉතින් ඔන්න කට්ටියටම දැනගන්න බීට් ( Beetroot) රසට උයන්න කියල දෙන්නයි හදන්නෙ. අපි හැමෝම කන්න ආස දෙයක්න…
Beet (Beetroot) - බීට් උයන ක්‍රම දෙකක්
ඉතින් ඔන්න කට්ටියටම දැනගන්න බීට් (Beetroot) රසට උයන්න කියල දෙන්නයි හදන්නෙ. අපි හැමෝම කන්න ආස දෙයක්නෙ බීට් කියන්නෙ. බලන්නකෝ එහෙනම් හදන විදිහ. මෙන්න මේ දේ නම් මතක තියාගන්නම වෙනව බීට් රසට හදන කොට පුළුවන් තරම් හීනියට පොඩියට බීට් ටික කපාගන්න. පොලු ගහල වගෙ ලොකුවට කපලා බීට් වල රස ගන්න බෑ. එහෙම හැදුවම මොනා කලත් රස නෑ.


තෙම්පරාදු කරල හදන ක්‍රමය
  • තෙල් චුට්ටක් ලිපේ තියල ඒකට අබ ඇට ටිකක් දාල අබ පුපුරන් එද්දි සූදුරු ඇට, කුරුඳු පොතු කෑල්ලක්, උලුහාල් දාල ඒ එක්කම සුදු ලූනු, ලූනු, රම්පෙ කරපිංච දාල තෙම්පරාදු කරගන්න.
  • ඒකටම අමු මිරිස් කරලකුත් කපල දාගන්න.
  • කරදමුංගු කරලක් එක්ක මිරිස් කුඩු පොඩ්ඩක්, අමු පහේ පොඩ්ඩක් දාල කලවම් කරන් කපාගත්තු බීට් ටික දාල වැහෙන ගානට දිය කිරි දාල තම්බ ගන්න. දිය කිරි හිඳුනාම උකු මිටි කිරි ටිකක් දාල ලුණු දාල අඩුම ගින්දරේ හින්දගන්න. මේක දර ලිපක හින්ද ගත්ත නම්ම්ම්ම්ම්!! රස ගැන කුමන කතාද...

තෙම්පරාදු නොකර හදන ක්‍රමය
  • කලින් අඩුම කුඩුම ටිකම බීට් එක්ක දාල දියකිරි වලින් තම්බල මිටි කිරෙන් හින්දගන්න.
  • පොඩි සේර කෑල්ලකුත් එකතු කරගත්ත නම් තවත් රසයි.
  • හැබැයි මෙන්න මේ විදියට හදන කොට රස දෙකක් ගන්න ක්‍රම දෙකක් තියෙනව,
    • එක - අබ සූදුරු ඇට වෙනුවට ඒ දෙක සම ප්‍රමාණයෙන් කුඩු කරල අමු පහේ වෙනුවට එකතු කරන්න. වෙනස් රසක්!!
    • දෙක - ලූනු, අමු මිරිස්, රම්පෙ කරපිංචා ටික මිටි කිරි දාද්දි දාගන්න, දියකිරෙන් බීට් ටික විතරක් තම්බලා. ලූනු, අමුමිරිස් රස ටිකක් අමුවට දැනෙන්න තම මෙහෙම හදන්නෙ. මේ විදියට එන රස වෙනස්!!

ඔය කොයි ක්‍රමේට හැදුවත් කැමති අයට බීට් වලට අල ටිකකුත් එකතු කරගන්න පුළුවන්..


ඔන්න අපිනම් හැදුවා..

දැන් ඉතිං කන්න තමා තියෙන්නෙ.







ලිපිය ලිව්වේ: විශ්මි මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment