About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Goraka Achcharu - ගොරකා අච්චාරු

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ගොරකා අච්චාරු හදන විදිහ. මේ ලිපිය ලියන අක්කගෙ පුංචි කාලෙ මතකයන් තමා මේ.…
Goraka Achcharu - ගොරකා අච්චාරු
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ගොරකා අච්චාරු හදන විදිහ. මේ ලිපිය ලියන අක්කගෙ පුංචි කාලෙ මතකයන් තමා මේ. මේක හදන්න අමාරුම නෑ. නැත්තං පුංචි කාලෙ අම්මට හොරෙන් හදාවියැ.. ඉස්සර ඉතින් තිබ්බෙ නෑනෙ ඔය ග්‍රයින්ඩර් එහෙම. වංගෙඩි පොඩ්ඩෙ තමා ඕන දෙයක් දෑත බදලා කෙටුවෙ. කියන්න සතුටුයි අපේ අක්කගෙ පොඩ්ඩො නම් මගේ අධීක්ෂණය යටතේ මේ ගොරකා අච්චාරු හදනවා.

අවශ්‍ය දේවල්:
  • ගොරකා
  • ලුණු කුඩු
  • ගම්මිරිස් කුඩු
  • මිරිස් කුඩු
  • සීනි
  • විනාකිරි

සාදාගන්නා ආකාරය:
  • ගොරකා සෝදලා ගලේ දාලා කොටන්න. ගොඩක් නෙවෙයි. ටිකක් තැලුනම ඇති. ඉස්සර අපේ ගෙදර ලුණු ගොරකා දාපු මුට්ටියක් තිබ්බා. ඒ නිසා ගොරකා මෙලෙකයි. ඔයාලට මෙලෙක් ගොරකා ඕන නම් ලුණු ඩිංගක් දාලා තම්බ ගන්න.
  • ගන්න එලියට. දාන්න පිඟානකට.
  • ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, සීනි, විනාකිරි දාන්න.
  • හොඳින් අනන්න. එච්චරයි!
 කෙළ ගිලින්නෙ එහෙම නෑ..
ලිපිය ලිව්වේ: Indu Kumari Jayasekara මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment