About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Bhuna Masala Egg Biriyani - භූනා මසාලා බිත්තර බිරියානි

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස ඉන්දියානු කෑම වේලක් හදාගන්න විදිහ. බලන්නකෝ කොහොමද හදන්නේ කියලා. …
Bhuna Masala Egg Biriyani - භූනා මසාලා බිත්තර බිරියානි
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස ඉන්දියානු කෑම වේලක් හදාගන්න විදිහ. බලන්නකෝ කොහොමද හදන්නේ කියලා. මම හැදුවෙි රයිස් කුකර් කප් දෙකක බත් පුමාණයට දෙදෙනෙකුට. ඔයාලට අවශ්‍ය විදිහට වැඩිකරලා හදාගන්න පුළුවන්.
අවශ්‍ය දේවල්:
  • කොත්තමල්ලි කුඩු මේස හැන්දක්
  • ගරම් මසාලා කුඩු මේස හැදි 2 (අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එකේ ගරම් මසාලා කුඩු ගෙදරදීම හදාගන්න විදිහත් කියලා දීලා තියෙනවා. කඩේ ගන්නත් තියෙනවා ගරම් මසාලා කුඩු)
  • මිරිස් කුඩු මේස හැදි 1
  • සුදුළුනු බික් 4, ඉගුරැ කැබැල්ලක්, අමුමරිස් කරලක් වතුර ස්වල්පයක් දමා අබරා ගන්න.
  • ලොකු තක්කාලි ගෙඩියක්
  • ලොකු ළුනු ගෙඩියක්
  • කහ කුඩු තේ හැදි බාගයක්
  • ලුනු
  • තෙල් මේස හැදි 3
  • බාස්මති සහල්
  • බිත්තර
සාදාගන්නා ආකාරය:
  • බාස්මති බත් ටික උයාගෙන තියාගන්න මුලින්ම.
භූනා මසාලා එක දැන් හදමු,
  • තෙල් ලිප තබා එයට බීලූණු දමන්න. බැදෙනකොට සුදු ලූනු පේස්ට් එක දමන්න.
  • දැන් මිරිස්, කහ, කොත්තමල්ලි, මසාලා කුඩු, ලුනු දමන්න.
  • හොදින් බැදෙනකොට තක්කාලි ටික එක්කරන්න. දැන් පලාතම සුවදයි.
  • වතුර කෝප්ප දෙකක් වගේ එක්කරලා බාජනය වසලා හොදින් තික් මිශුනයක් එනකන් උයාගන්න. තෙල් ගතියට එනවා ඉතුරැවාට පසුව.(තක්කාලි සහ ලූණු වැඩියෙන් දමන තරමට රසයි)
ඊටපස්සෙ,
  • දැන් අර උයාගත්ත බාස්මති බත් ටික ගන්න. බිත්තරත් අවශ්‍ය පමණ ඇරගෙන තම්බා ගන්න.
  • බාජනයක් ලිප තියලා ඒකට තෙල් ටිකක් දමා රත්වෙන කොට කරපිංචා දමාගන්න.
  • දැන් අර හදාගත් භූනා මිශුණය එක්කරගන්න. අවශ්‍ය නම් ලුනුත් තව එක්කරන්න. ඉන්පසු බත් ටික එක්කොට කලවම්කරන්න. බිත්තර එක් කරන්න. කපාගත් කොත්තමල්ලි කොළ එක්කරගන්න.(මම දැමමෙ නෑ, ලූනු කොළ දැම්මා)
  • Cucumber සහ තක්කාලි පෙති ටිකක් එක්ක කනකොට තවත් රසයි.
 භූනා මසාලා එක
 උයාගත්ත බාස්මති බත් ටික

 ඔන්න තියෙනවා අපි දැන් හදාගත්ත බත් එක. Cucumber සහ තක්කාලි පෙති ටිකකුත් එකතු කරගත්තා ඔන්න.






ලිපිය ලිව්වේ: Shamila Kosalee මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment