About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Ouzi Rice - ඌසි රයිස්

අවශ්‍ය දේවල්: බාස්මතී සහල් 1kg අඹරපු කුකුල් මස් 200g හීනියට ලියා ගත් ලූණු 50g හීනියට ලියා ගත් සුදු ලූණු…
Ouzi Rice - ඌසි රයිස්
අවශ්‍ය දේවල්:
  • බාස්මතී සහල් 1kg
  • අඹරපු කුකුල් මස් 200g
  • හීනියට ලියා ගත් ලූණු 50g
  • හීනියට ලියා ගත් සුදු ලූණු 20g
  • පොඩියට කපා ගත් එළු මස් 200g
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • කරදමුංගූ(එනසාල්) 3-4
  • තම්බපු බිත්තර 5
  • චොප් කළ කොත්තමල්ලී කොළ 50g
  • එළඟි තෙල් 100ml
  • බැද ගත් කජු 100g
  • ලුණු(රස අනුව)

සාදා ගන්නා ආකාරය:
  • සහල් හොඳින් පිරිසිදු කර ගෙන පැය භාගයක් (විනාඩි 30ක්) පමණ පොඟවා තබන්න.
  • දැන් සුදුසු භාජනයක් ලිප තබා එයට එළඟි තෙල් දමන්න.
  • තෙල් රත් වූ විට ලූණු, සුදු ලූණු, කුරුඳු සහ කරදමුංගූ එයට දමා ගෙන තෙම්පරාදු කර ගන්න.
  • එයටම එළු මස් කැබලි එක් කර ටික වේලාවකට පසු අඹරා ගත් කුකුල් මස් ටික එකතු කරන්න.
  • දැන් එයට පොඟවා වතුර බේරා ගත් සහල් (වතුර ඉවත් කර) එකතු කරන්න.
  • රස අනුව ලුණු ද එක් කරන්න.
  • දැන් සහල් මට්ටමේ සිට අඟල් භාගයක් පමණ උඩින් වතුර මට්ටම සිටින සේ වතුර දමා ගෙන මද ගින්නේ පිස ගන්න.
  • පිස ගත් පසු එයට උඩින් බැද ගත් කජු, චොප් කර ගත් කොත්තමල්ලී කොළ සහ බිත්තර වලින් සරසා ගෙන පිළිගන් වන්න.

වැදගත්:
  • එළු මස් නොකන කෙනෙක්ට එළු මස් භාවිතා නොකර සිටිය හැකිය.





ලිපිය ලියන්න කරුණු ලබා ගත්තේ Hemadama Aadaren on RanOne FM ෆේස්බුක් පිටුවේ අය ලියපු ලිපියකින්.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment