About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Ghee Cookies - ගී කුකීස්

මේව නිකන් ඤාන කතා වගේ. හැබැයි හදන්න පාවිච්චි කරන දේවලුයි, රසයි වෙනස්. කඩේ එහෙම තියෙනවා දැකලා ඇතිනෙ.…
Ghee Cookies - ගී කුකීස්
මේව නිකන් ඤාන කතා වගේ. හැබැයි හදන්න පාවිච්චි කරන දේවලුයි, රසයි වෙනස්. කඩේ එහෙම තියෙනවා දැකලා ඇතිනෙ. රස වගේම තමයි හරිම ලස්සනයි. හදන්නත් ලේසියි.

අවශ්‍ය දේවල්:
  • එළඟි තෙල් (ghee) 450g
  • පාන් පිටි 500g
  • සීනි 550g
  • කිරි පිටි 150g
  • වැනිලා තේ හැදි  1
  • ලුණු කුඩු තේ හැදි  ¾
  • තිබේනම් රතු, කොළ වගේ පාට වලින් කලරින් (food Coloring)

සාදා ගන්නා ආකාරය:
  • මුළින්ම සීනි ටික බ්ලෙන්ඩර් කර කුඩු කර ගන්න.
  • දැන් ඉතිරි සියල්ල සමඟින් කුඩු කර ගත් සීනි භාජනයකට දමා හොඳින්  අනා ගෙන එක සමාන කුඩා බෝල සාදා ගන්න.
  • සාදා ගත් බෝල මදක් පැතලි කරමින් බේකින් ට්‍රේ එකක ඒවා අතර ඉඩ සිටින සේ තබා ගන්න.
  • තිබේනම් දැන් කලරින් ටිකක් ටූත් පික් එකකින් දමා ගන්න. (ටූත් පික් එකක පිටිපස්ස පැත්ත ඇරන් කලරින් ටිකක ඔබලා කලරින් බ්ංදුවක් වගේ දැන් මේ හදාගත්ත බෝල උඩින් දාගන්න)
  • කළින් 160°C/320°F ට රත් කර ගත් අවන් එකක විනඩි 25-30ක් බ්‍රේක් කර ගෙන රස විදින්න.
 
    බේක් කර ගැනීමට පෙර බේකින් ට්‍රේ එකේ තිබ්බට පස්සෙ
    හරිම ලස්සනයි!






    ලිපිය ලියන්න කරුණු ලබා ගත්තේ Hemadama Aadaren on RanOne FM ෆේස්බුක් පිටුවේ අය ලියපු ලිපියකින්.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment