About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Green Rice - කොළ පැහැ බතක්

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ කොළ පාට බතක් හදාගන්නේ කොහොමද කියලා. බලන්නකෝ එහෙනම් හදන විදිහ. අවශ්‍ය දේව…
Green Rice - කොළ පැහැ බතක්
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ කොළ පාට බතක් හදාගන්නේ කොහොමද කියලා. බලන්නකෝ එහෙනම් හදන විදිහ.

අවශ්‍ය දේවල්:
  • පිස ගත් කීරි සම්බා 1kg
  • හීනියට කපා ගත් මුකුණුවැන්න 200g
  • හීනියට කපා ගත් බ්‍රොකොලි (Broccoli) 200g
  • තම්බා ගත් ග්‍රීන් පීස් 100g
  • ලියා ගත් රතු ලූණු 100g
  • ලියා ගත් සුදු ලූණු 10g
  • ඉඟුරු 10g
  • කහ කුඩු තේ හැදි  ½
  • ලුණු (රස අනුව)
  • ගම්මිරිස් කුඩු (රස අනුව)
  • බටර් මේස හැදි 2-3
  • මිටි කිරි අඬු කෝප්ප 1

සාදා ගන්නා ආකාරය:
  • භාජයනක් ලිප තබා බටර් දමා ගන්න.
  • එයට කහ කුඩු, සුදුලූණු, ඉඟුරු හා රතු ලූණු දා රන්වන් වන තුරු බැද ගන්න.
  • දැන් මෙයට බ්‍රොකොලි සහ ග්‍රීන් පීස් එකතු කර තෙම්පරාදු කර ගන්න.
  • පසුව මිටි කිරි ටික ද එකතු කරන්න.
  • කිරි හිඳී ගෙන එන විට මුකුණුවැන්න ටික ද එකතු කර රස අනුව ලුණු හා ගම්මිරිස් එකතු කර ගන්න.
  • අවසානයේ දී පිස ගත් බත් එකතු කර හොඳින් කලවම් කර ගෙන පිළිගන් වන්න.
 බ්‍රොකොලි (Broccoli)




ලිපිය ලියන්න කරුණු ලබා ගත්තේ Hemadama Aadaren on RanOne FM ෆේස්බුක් පිටුවේ අය ලියපු ලිපියකින්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment