About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Soya Meat Curry - සෝයා මීට් ව්‍යාංජනය

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ මම සෝයා මීට් ව්‍යාංජනයක් හැදුවේ කොහොමද කියලා. මම තක්කාලි චුට්ටකුත් දැම්…
Soya Meat Curry - සෝයා මීට් ව්‍යාංජනය
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ මම සෝයා මීට් ව්‍යාංජනයක් හැදුවේ කොහොමද කියලා. මම තක්කාලි චුට්ටකුත් දැම්මා මේක හදනකොට. බලන්නකෝ එහෙනම් හැදුවෙ කොහොමද කියලා.
 
අවශ්‍ය දේවල්:
  • සෝයා මීට් ග්‍රෑම් 100 යි
  • රතු ළූණු ගෙඩි 10 යි (සිහින්ව ලියාගන්න)
  • අමු මිරිස් කරල් 4 යි (සිහින්ව කපාගන්න)
  • රම්පෙ, කරපිංචා
  • ලුණු සහ දෙහි ස්වල්පය බැගින්
  • මිරිස් කුඩු මේස හැඳි 1 යි
  • තුනපහ කුඩු ස්වල්පයක්
  • කුරුඳුපොතු අඟල් 1 යි
  • සුදු ළූණු බික් 2 යි (අඹරාගන්න)
  • පොල් බෑයක මිටිකිරි හා දියකිරි
  • තක්කාලි ග්‍රෑම් 100 යි (පෙති කපාගන්න)

සාදාගන්නා ආකාරය:
  • සෝයා මීට් මිනිත්තු 10 ක් පමණ වතුරේ පොඟවාගෙන වතුර පෙරා හැර රතු ළූණු, අමු මිරිස්, රම්පෙ, කරපිංචා, ලුණු සහ දෙහි, මිරිස් කුඩු, තුනපහ, අඹරාගත් සුදුළූණු, කුරුඳු සහ තක්කාලි සමග අනාගෙන ටික වේලාවක් වසා තබන්න.
  • ඇතිළියකට දමා එයට උඩින් කිරි වර්ග දෙකම එක්කර මද ගින්නේ සෝයා තැම්බෙන තුරු පිසගන්න. 







ලිපිය ලිව්වේ: Gayana Nethmi මහත්මිය විසින්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment