About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Rabu - රාබු තෙල් දාලා හදමු

රාබු උයල කන්න ගොඩාක් දෙනා අකමැතියි. සමහර අයට ගදයි කියනවා, රස නෑ කියනවා.. එක එක දේවල් කියනවා. ඉතින් …
Rabu - රාබු තෙල් දාලා හදමු
රාබු උයල කන්න ගොඩාක් දෙනා අකමැතියි. සමහර අයට ගදයි කියනවා, රස නෑ කියනවා.. එක එක දේවල් කියනවා. ඉතින් මම වෙනසක් කලා. හැදුවා බලන්න රාබු මෙහෙම. මටනම් හරිම රසයි මේ විදිහට. ඔයාලත් හදලා බලන්නකෝ.

අවශ්‍ය දේවල්:
  • තරමක රාබු අල 2
  • උම්බලකඩ 50g
  • රතු ලූනු ගෙඩි 10
  • අමු මිරිස් කරල් 10
  • සුදු ලූනු බික් 4
  • කුරුදු පොතු 2
  • කහ ස්වල්පයක්
  • ලුනු ස්වල්පයක්
  • කෑලි මිරිස් තේ හැදි 2
  • රම්පේ, කරපිංචා
  • බැදීමට තෙල් අවශ්‍ය පමණ
  • විනාකිරි කෝප්ප 1/4
  • අබ ස්වල්පයක්
  • සීනි ස්වල්පයක්
 
සාදාගන්නා ආකාරය:
  • මුලින්ම රබු අල සිහින්ව ලියගෙන කහ සහ ලුනු එකතු කර තෙල් රත් වෙද්දී හොඳින් බැද ගන්න.
  • වතුර ගතිය නැති වෙනකල් බැදුනු පසු එයට උම්බලකඩ, සිහින්ව ලියාගත් සුදු ලූනු, අබ, කුරුදු පොතු, කෑලි මිරිස් එකතු කරන්න.
  • විනාකිරි, සීනි ද එකතු කර, කරපිංචා, රම්පේ දමා ලිපෙන් බා ගන්න.
  • නිවුනු පසු බෝතලයකට අසුරා ගන්න.
 හරිම රසයි මෙහෙම හදලා.






ලිපිය ලිව්වේ: Sandya Nishanthi මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment