About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Semolina Laddu - රුලං ලඩ්ඩු

මෙය නම් රසවත් ඉන්දියානු රස කැවිල්ලක්, හින්දියෙන් රාවා ලඩ්ඩු කියලා තමයි කියන්නේ. එහෙනම් හදන විදිහ බල…
Semolina Laddu - රුලං ලඩ්ඩු
මෙය නම් රසවත් ඉන්දියානු රස කැවිල්ලක්, හින්දියෙන් රාවා ලඩ්ඩු කියලා තමයි කියන්නේ. එහෙනම් හදන විදිහ බලලා ඉමුකෝ.

අවශ්‍ය දේවල්:

  • රුල කෝප්ප 1 ½
  • නැවුම් ගා ගත් පොල් කොප්ප 1
  • ගිතෙල් මේස හැදි 2 ½
  • උකු ටින් කිරි පොඩි ටින් 1 (14oz / 396g / 414ml)
  • තලා කුඩු කර ගත් කරදමුංගු ඇට 4
  • බේක් කර කැබලි කර ගත් කජු 50g

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම සුදුසු භාජනයක් ලිප තබා එයට ගිතෙල් දමා රත් කර ගන්න.
  • දැන් එයට රුලං එක් කර විනාඩි 6-7ක් මද ගින්නේ හොඳින් හැදි ගාමින් බැද ගන්න.
  • එයටම පොල් ටික එක් කර විනාඩි 2-3ක් බැදෙන්න හරින්න.
  • පසුව එයට කරදමුංගු කුඩු, කජු සහ ටින් කිරි එකතු කර ගන්න.
  • මද ගින්නේ හදි ගාමින් ගුලියක් ආකාරයට මිශ්‍රණය සැකසෙන තෙක් පිස ගෙන ලිපෙන් බා ගන්න.
  • මිශ්‍රණය මදක් සිසිල් වෙන්නට හැර අතින් ඇල්ලිය හැකි උෂ්ණත්වයට ආ පසු තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ බෝල සකස් කර ගන්න.
  • සම්පූර්ණයෙන්ම නිවුනු පසු රස විදින්න.

වැදගත්:
  • මේ සඳහා ඩෙසිකේටඩ් පොල් (desiccated coconut)ද භාවිතා කළ හැකිය.






ලිපිය ලියන්න කරුණු ලබාගත්තේ: zestysouthindiankitchen.com වෙබ් අඩවියේ ලිපියකින්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment