About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Passion Cheesecake - පැෂන් චීස් කේක්

චීස් කේක්! චීස් කේක්!! නිකන්ම නිකන් චීස් කේක් නෙමේ.. පැෂන් චීස් කේක්! ඔන්න ඔයාලට අරගෙන ආවා පැෂන් රස ච…
Passion Cheesecake - පැෂන් චීස් කේක්

චීස් කේක්! චීස් කේක්!!
නිකන්ම නිකන් චීස් කේක් නෙමේ.. පැෂන් චීස් කේක්!
ඔන්න ඔයාලට අරගෙන ආවා පැෂන් රස චීස් කේක් එකක් හදන විදිහ. මේකට රසම රස බිස්කට් තට්ටුවකුත් දාලා තියෙන්නෙ. බිස්කට් තට්ටුව කන්න අකමැති යාලුවො ඒක අපිට ඉතුරු කරන්නකො. ඇත්තටම බිස්කට් කන්න අකමැති යාලුවො ඉන්නවද අපේ "ඉවුම් පිහුම්" ඇප් එකේ?

අවශ්‍ය දේවල්:
අපිට ඕන වෙනවා:
  • බිස්කට් 175g
  • බටර් 50g

ෆිලින්ග් එක සඳහා අපිට ඕන වෙනවා:
  • ෆ්‍රෙශ් ක්‍රීම් 250g
  • ක්‍රීම් චීස් 400g
  • පැෂන්ෆෘට් ජෑම් 150g
  • පැෂන්ෆෘට් 3
  • වැනිලා තේ හැඳි 1
  • ජෙලටින් මේසහැඳි 2
  • අඹ-පැෂන් පලතුරු යුෂ 50ml

ටොපින්ග් එක සඳහා අපිට ඕන වෙනවා:
  • අඹ-පැෂන් පලතුරු යුෂ 300ml
  • ජෙලටින් මේසහැඳි 1

අලන්කාර කිරීම සඳහා අපිට ඕන වෙනවා:
  • ඩාර්ක් චොකලට් 50g පමන
  • වයිට් චොකලට්
  • ඊස්ටර් එග්ස් කැන්ඩීස් (පාස්කු බිත්තර)

සාදාගන්නා ආකාරය:
  • ස්ප්‍රින්ග්ෆෝර්ම් කේක් ටින් එකකට බේකින් ශීට් එකක් දමා පල්ලෙ තියෙන පළවෙනි පොටෝ එකේ විදිහට සුදානම් කර ගන්න.
  • ඉන්පසු බිස්කට් ටික සිහින්ව කුඩුකර උනුකර නිවාගත් බටර් මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රනය කේක් ටින් එකේ අඩියට දම අතින් තද කරමින් අතුරා ගන්න. ඉන්පසු විනාඩි 15ක් පමන ෆ්‍රිජ් එකේ තියන්න.

දැන් ෆිලින්ග් එක හදමු,
  • මුලින්ම ජෙලටින් මේසහැඳි 2ක් අඹ පැෂන් යුෂ 50ml කට දමා විනාඩි 5ක් පමන ජෙලටින් පෙඟීමට තියන්න.
  • විප් ක්‍රීම් හොඳින් බීට් කරන්න. ඉන්පසු එයට ක්‍රීම් චීස්, වැනිලා, පැෂන් ජෑම් එකතු කර සියල්ල මිශ්‍ර වන තුරු පමනක් බීට් කරන්න. පැෂන්ද එකතු කරන්න.
  • පොඟවා ගත් ජෙලටින්, මයික්‍රොවේව් එකේ හෝ ඩබල් බොයිල් ක්‍රමයට රත්කර දිය කර ගන්න.
  • දැන් ජෙලටින් ද්‍රාවනය ඉතා සෙමින් ක්‍රීම් චීස් මිශ්‍රනයට එකතු කරමින් සියල්ල හොඳින් මිශ්‍ර වන තුරු නොනවත්වා බීට් කරන්න.
  • බිස්කට් තට්ටුව උඩින් මෙම මිශ්‍රනය දමා සෙට් වන තුරු පැයක් පමන් ෆ්‍රිජ් එකේ තබන්න.

දැන් ටොපින්ග් එක සඳහා ජෙලි හදමු,
  • ශීත කරගත් පලතුරු යුෂ කෝප්ප කාලකට (60ml)ජෙලටින් දමා විනාඩි 5ක් තබන්න. ඉතුරු යුෂ රත් කර පොඟවා ගත් ජෙලටින් වලට එක් කර ජෙලටින් දිය වන තුරු හැන්දකින් කලවම් කරන්න.

අන්තිමට,
  • ජෙලි ද්‍රවනය නිවුනු පසු හැන්ඳක් අධාරයෙන් චීස් ලේයර් එක උඩට දමා සෙට් වන තුරු ෆ්‍රිජ් එකේ තබන්න. (පල්ලෙ පොටෝ එකක් දාලා තියෙනවා)
  • ජෙලි සෙට් උන පසු ඩාර්ක් චොකොලට් හා වයිට් චොකොලට් පයිපින් බෑග් දෙකකට දමා මයික්‍රොවේව් එක අධාරයෙන් හෝ රත් කර දිය කර ගන්න. ඉන්පසු පයිපින් බෑගයෙ කෙලවර සිදුරක් කපා රූපයේ පරිදි අලන්කාර කර ගන්න. 

වැදගත්:
  • පැෂන් වෙනුවට කැමති වෙනත් පලතුරුද යොදා ගත හැකි බව සලකන්න.
  • ක්‍රීම් චීස්, පැෂන්ෆෘට්, වැනිලා, ජෙලටින්, අඹ-පැෂන් පලතුරු යුෂ, ඩාර්ක් චොකලට්, වයිට් චොකලට්, ඊස්ටර් එග්ස් කැන්ඩීස් (පාස්කු බිත්තර) සුපර් මාකට් වල, කේක් බඩු කඩවල ගන්න තියෙනවා.

පල්ලෙ පොටෝ ටිකත් බලන්නකෝ:
 මේ ට්‍රේ එකට කියන්නෙ ස්ප්‍රින්ග්ෆෝර්ම් කේක් ටින් කියලා. මුලින්ම ස්ප්‍රින්ග්ෆෝර්ම් කේක් ටින් එකකට බේකින් ශීට් එකක් දාලා නේ මේ විදිහට හදාගන්න.

 බිස්කට් තට්ටුව උඩින් මෙම මිශ්‍රනය දමා සෙට් වන තුරු පැයක් පමන ෆ්‍රිජ් එකේ තියන්න.

 ෆ්‍රිජ් එකෙන් ගත්තට පස්සෙ ඒක ජෙලි ද්‍රවනය නිවුනු පසු හැන්ඳක් අධාරයෙන් ඒ චීස් ලේයර් එක උඩට දාන්න මේ වගේ.

ඊටපස්සෙ ඒක සෙට් වන තුරු ෆ්‍රිජ් එකේ තියන්න ආයෙ.

 මේ තියෙන්නෙ සෙට් වුනාට පස්සෙ

 දැන් තියෙන්නෙ හදාගත්ත කේක් එක සරසා ගන්න. දිය කර ගත්තු ඩාර්ක් චොකොලට් පයිපින් බෑග් එකකට දලා තමයි මෙහෙම ඇද ගත්තෙ.

 ඊට පස්සෙ වයිට් චොකොලට් වලින්.

 ඊස්ටර් එග්ස් කැන්ඩීස් වලින් ඊට පස්සෙ සරසා ගත්තා

 ඔන්න මෙයාවත් තිබ්බා

ඔන්න දැන් ඉතිං කන්න තමා තියෙන්නෙ. ලොකූ...ම ලොකුම කෑල්ලක් මට.
(ඇත්තටම මේක තව ටිකක් ඊස්ටර් එග්ස් කැන්ඩීස් වලින් සරසාගෙන තියෙන්නෙ පිලිගන්වන්න පුලුවන් වෙන්න.)






ලිපිය ලිව්වේ: Nishani මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment