About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Coconut Laddu - පොල් ලඩ්ඩු

ඔන්න මම පොල් ලඩ්ඩු හැදුවා. හරිම ලේසියෙන් හදාගන්න පුලුවන් ගෙදර තියෙන දේවල්ම පාවිච්චි කරලා. අවශ්‍ය දේව…
Coconut Laddu - පොල් ලඩ්ඩු
ඔන්න මම පොල් ලඩ්ඩු හැදුවා. හරිම ලේසියෙන් හදාගන්න පුලුවන් ගෙදර තියෙන දේවල්ම පාවිච්චි කරලා.

අවශ්‍ය දේවල්:
  • පොල් කෝ. 2
  • සීනි කෝ. 3/4
  • කිරි කෝ. 1/2
  • ගිතෙල් 1tbls
  • ලුනු ස්වල්පයක්
  • වැනිලා
  • කලරින්
  • කජු ස්වල්පයක්
  • කරදමුංගු 2-3

සාදාගන්නා ආකාරය:
  • පොල් ගා ගෙන බ්ලෙන්ඩර් එකට දමා කුඩු කරගන්න.
  • භාජයක් ලිප තබා ගිතෙල් හැන්දක් දමා රත් කරගන්න.
  • එයට කජු කැබලි දමා මදක් බැදගෙන අයින් කරගන්න.
  • ඉන්පසු එම භාජනයටම පොල්, සිනි හා කිරි දමා උයා ගන්න.
  • කරදමුංගු එකතු කරගන්න. ලුනු ස්වල්පයක්ද එකතු කරගන්න.
  • වතුර හිදීගෙන එන විට වැනිලා හා කලරින් ද බැදගත් කජු ද එකතු කර තෙත ගතිය හින්දගෙන ලිප ඕෆ් කරගන්න.
  • නිවුනු පසු ගුලි සාදාගන්න.
  • දැන් රසවත් පොල් ලඩ්ඩු සූදානම්.
 මේ තියෙන්නෙ ඒ විදිහට හදාගත්ත ලඩ්ඩු







ලිපිය ලිව්වේ: Vindya Kumari Yapa මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment