"ඉවුම් පිහුම්" ඇප් එකේ මීට කලිනුත් රුලං කේසරි හදන විදිහ කියලා දීලා තියෙනවා. ඔන්න රුලං කේසරි හදන්න තව ක්‍රමයක්. බලන්නකෝ එහෙනෙම හදන්නෙ කොහොමද කියලා.
අවශ්‍ය දේවල්:
- රුලං 225g
- සිනී මේස හැදි 8-9
- නැවුම් කිරි 750ml
- කහ පාට කලරින් ස්වල්පයක්
- වියළි මිදි 50g
- බටර් මේස හැදි 2
- වැනිලා ටිකක්
සාදා ගන්නා ආකාරය:
- මුලින්ම රුලං කබලේ බැද ගෙන පසෙකින් තබා ගන්න.
- පසුව නැවුම් කිරි හා සීනි බදුනකට දම ගෙන හොඳින් උණු කරන්න.
- කිරි රත් වී නටා ගෙන එන විට බටර් එක් කරන්න.
- ඉන්පසු වැනිලා, කලරින් සහ වියළි මිදි එක් කරන්න.
- මිශ්‍රණය හොඳින් නටන විට එයට කබලේ බැද ගත් රුලං ටික ටික එක් කර ගෙන හොඳින් හැදි ගාමින් මිශ්‍ර කර ගන්න.
- මෙම මිශ්‍රණය ඝන වී මිශ්‍රණය එකට එකතු වන ගතියට ආ විට ලිප නිවා බටර් ගා ගත් තැටියක හෝ ට්‍රේ එකක දමා තුනි කර කැමති ආකාරයකට කෑලි කපා ගෙන පිළිගන් වන්න.
කපාගත්තට පස්සෙ.
ලිපිය ලිව්වේ: Manu Alwis මහත්මිය.