About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Coconut and Choco Balls - කොකන්ට් ඇන්ඩ් චොකෝ බෝල්ස්

මම තේ බොන ව්ලාවට කන්න හැදුවා "කොකන්ට් ඇන්ඩ් චොකෝ බෝල්ස්". රසම රසයි. අදම තමයි හැදුවෙ මමත්.…
Coconut and Choco Balls - කොකන්ට් ඇන්ඩ් චොකෝ බෝල්ස්
මම තේ බොන ව්ලාවට කන්න හැදුවා "කොකන්ට් ඇන්ඩ් චොකෝ බෝල්ස්". රසම රසයි. අදම තමයි හැදුවෙ මමත්. ඇත්තටම බබාලට මොනාහරි හදලා දෙන්න ඕන කියා හිත හිතා ඉන්න කොට ගෙදර තිබුන දේවල් අරගෙන මගේ හිතේ මිනුමට හදාපු කෑමක්. මට හිතෙනවා. මේකට කජු ටිකක් කුඩු කරල දැම්මොත් තවත් රස වේවි. ඔයාලාත් හදලා රස බලන්න. මට ගොඩාක් සතුටුයි. මේක මගේම රෙසිපියක් නිසා.
අවශ්‍ය දේවල්:
  • පාන් පිටි කප් 2
  • ගාගත් පොල් කප් 2
  • සීනි කප් 2
  • වතුර කප් 1 1/2
  • වැනිලා තේ හැදි 1
  • කලරින් බ්න්දුවයි
  • කුකින් චොක්ලට් අවශ්‍ය පමණ
  • කිරි කප් 1 1/2
  • බටර් තේ හැදි 1

සාදන ක්‍රමය:
  • සීනි වතුර දමා හොදින් උනු කරන්න.
  • පැනි නූල් මෙන් ඇදෙන විට පොල්, පිටි, කලරින්, වැනිලා, කිරි එකතු කර හොඳින් පැනි හින්දවාගෙන ගනකම් වෙද්දි ලිපෙන් බා ගන්න.
  • යන්තමින් රස්නෙ තියෙද්දී කුඩා බෝල සාදා ගන්න.
  • කුකින් චොක්ලට් වලට බටර් දමා ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගෙන සාදා ගත් බෝල එය තුල ගිල්වා ගන්න.
  • වැඩේ ඉවරයි. ඊට පස්සෙ ෆ්‍රිජ් එකේ විනාඩි 15 තබා "කොකන්ට් චොකෝ බෝල්ස්" රස බලන්න පුලුවන් ඕන්.

වැදගත්:
  • මං කිරි කියලා කිව්වෙ ෆ්‍රෙශ් මිල්ක් වලට. සුපර්මාර්කට් වල තියෙන කොත්මලේ ෆ්‍රෙශ් මිල්ක් හෝ වෙනත් ඕනම කිරි වර්ග යක් දාන්න ඔයාලා.

පල්ලෙ පොටෝ ටිකත් බලන්නකෝ:
මේ තියෙන්නෙ මුලින්ම හදාගත්ත බෝල ටික දිය කරගත්ත කුකින් චොක්ලට් වලට දන්න කලින්.

මේ තියෙන්නෙ මුලින්ම හදාගත්ත බෝල ටික දිය කරගත්ත කුකින් චොක්ලට් වලට දාලා ගත්තට පස්සෙ. දැන් මේක ෆ්‍රිජ් එකේ තියන්න ඕන.

ඔන්න හරි. මේ තියෙන්නෙ එහෙම ෆ්‍රජ් එකේ තියලා ගත්ත ඒවා. ඔන්න ඔයාල පේන්න එකක් දෙකට කැඩුවා. හරිම රසයි මේවා. හදලා බලන්නකෝ. පොඩ්ඩන්ගෙන් නම් බේරෙන්න හම්බෙන්නෙ නෑ.








ලිපිය ලිව්වේ: Sandya Nishanthi මහත්මිය. මං චුට්ටක් විතර දේවල් එකතු කරා. මේ ලිපිය කියවන අපි හැමෝම ඇයට ස්තූතිවන්ත විය යුතුයි ඇයගේම නිර්මාණයක් හැමෝටම කියලා දුන්න නිසා.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment