About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Hyderabadi Mutton Dum Biryani - හයිඩ්‍රාබාද් මටන් දම් බිර්යානී

හදමුද හයිඩ්‍රාබාද් මටන් දම් බිර්යානී එකක්? මස් පදම් කර ගැනීම (මැරිනේට් කර ගැනීම) සඳහා අවශ්‍ය දේවල්: එ…
Hyderabadi Mutton Dum Biryani - හයිඩ්‍රාබාද් මටන් දම් බිර්යානී
හදමුද හයිඩ්‍රාබාද් මටන් දම් බිර්යානී එකක්?
මස් පදම් කර ගැනීම (මැරිනේට් කර ගැනීම) සඳහා අවශ්‍ය දේවල්:
  • එළුමස් 1 ½ kg
  • ඉඟුරු සහ සුදුළූනු පේස්ට් මේස හැදි 1 ½
  • ලෙමන් යුෂ මේස හැදි 1
  • කහ කුඩු තේ හැදි ½
  • මිරිස් කුඩු තේ හැදි 2
  • ගරම් මසාලා තේ හැදි 1
  • කපා ගත් අමු මිරිස් කරල් 2
  • බැද ගත් ළූණු මේස හැදි 1
  • යෝගට් හෝ මීකිරි මේස හැදි 2
  • ලුණු (රස අනුව)
  • චොප් කර ගත් කොත්තමල්ලි කොළ සහ මින්චි කොළ
  • අමු ගස්ලබු පේස්ට්(Raw papaya paste) මේස හැදි 5

මස් පදම් කර(මැරිනේට් කර) ගන්නා ආකාරය:
  • සියල්ල එකට හොඳින් කවලම් කර අවම පැය 12ක් වත් මස් පදම් වීමට / මැරිනේට් වීමට(marinate) ශීතකරණයේ තබා ගන්න.

බිර්යානී එක සඳහා අවශ්‍ය දේවල්:
  • බාස්මතී සහල් 1kg
  • ලුණු (රස අනුව)
  • තෙල්
  • ගිතෙල්(ghee) මේස හැදි 3
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • කරදමුංගු(එනසාල්) 5
  • කරාබුනැටි 5
  • බේ ලීෆ්(bay leaf) 3
  • කොත්තමල්ලි කොළ සහ මින්චි කොළ
  • කජු 250g
  • ලොකු ළූනු ගෙඩි 7-8ක් පමණ
  • දිය කර ගත් සැෆ්රන්(saffron) ස්වල්පයක්
  • තම්බා ගත් බිත්තර 3ක් පමණ

බිර්යානී එක සාදා ගන්නා ආකාරය:
  • භාජනයක් ලිප තබා එයට තෙල් මේස හැදි 4-5ක් පමණ දමා ගෙන තෙල් රත් වන විට ලියා ගත් ලොකු ළූනු ගෙඩි 7-8ක් පමණ දමා බැද ගෙන පසෙකින් තබන්න. එසේම කජු සහ තම්බා ගත් බිත්තර ද බැද ගෙන පසෙකින් තබන්න.
  • බාස්මතී සහල් ගෙන හොඳින් සෝදා පිරිසිදු කර ගෙන පැය ½ ක් පමණ වතුර දමා පෙගෙන්න තබන්න. පසුව සාස්පානක් ගෙන එයට සහල් සමඟ වතුර දමා ලිප තබා ගන්න. වතුර උතුරන විට එයටම ලුණු ද එකතු කරන්න. බත 50% - 70% ක් පමණ බාගෙට ඉදුනු පසු වතුර පෙරා ගෙන බත් ටික පසෙකින් තබන්න.
  • දැන් බිරියානි එක සාදා ගත හැකි සුදුසු සාස්පානක් ගෙන එයට තෙල් මේස හැන්දක් සහ ගිතෙල් මේස හැදි 3 ක් දමා රත් වන විට එයට කුරුඳු පොත්තක්, කරදමුංගු, කරාබුනැටි සහ බේ ලීෆ් දමා මදක් බැදෙන විට මැරිනේට් කළ(පදම් කළ) මස් ටික එයට දමා කවලම් කර ගෙන විනාඩි 5 ක් පමණ මස් ටික තැම්බෙන්න හරින්න.
  • දැන් එය උඩින් කොත්තමල්ලි කොළ සහ මින්චි කොළ ටිකක් දමා උයා ගත් බත් තට්ටුවක් දමා ගන්න. (මෙහිදී මස් සියල්ලම සාස්පානේ අඩියේ වදින ලෙස තිබිය යුතුයි) පසුව ඊට උඩින් බැදගත් කජු සහ ළූණු ද, ඉන් පසුව දිය කර ගත් සැෆ්රන් ටිකක් ද, නැවතත් බත් තට්ටුවක් දමා, බැදගත් කජු, ළූණු සහ දිය කර ගත් සැෆ්රන් දමා ගන්න. මේ ආකාරයට තට්ටු 3ක් / ලෙයර්ස් 3ක්(3 layers) පමණ දමා ගෙන සාස්පාන පියනකින් වසා ගන්න.
  • පසුව වාෂප එළියට නොයන ආකාරයෙන් පිටි සහ වතුර එක් කර අනා සාදා ගත් මිශ්‍රණයකින් / ඩෝ එකකින්(dough) පියන හොඳින් සීල් වන සේ ආවරණය කරන්න. නැතහොත් ඇලුමිනියම් ෆොයිල් එකක්(Aluminium foil) ගෙන පියන වැසීමට කලින් එයින් හොඳින් සාස්පාන ආවරණය කිරීමෙන් අනතුරුව සාස්පාන පියනෙන් වසා ගන්න.
  • අවසානයේ දී බිරියානි එක සකස් කිරීමට බත් දමා ගත් සාස්පානට වඩා විශාල තැටියක් හෝ පෑන් එකක් ලිප තබා එය උඩින් බත් දැමූ සාස්පාන තබා ගන්න. (මේ ආකාරයට සැකසීමෙන් බත් එක අඩිය ඇල්ලීම වළක්වා ගත හැකිය.)
  • දැන් මද ගින්දරේ විනාඩි 40-50ක් පමණ පිස ගෙන බත් ඇට පොඩි නොවෙන සේ හැන්දකින් කවලම් කර තම්බා බැද ගත් බිත්තර වලින් සරසා ගෙන පිළිගන් වන්න.

වැදගත්:
  • සැෆ්රන් වෙනුවට කහ කුඩු යොදා ගත හැකිය.
  • තම්බා ගත් බිත්තර බැදීමේදී ගෑරුප්පුවක් වැනි යමක් භාවිතා කර එයට ඇන ගැනීමෙන් හෝ පිහියක් මඟින් බිත්තර මතු පිට ඉරි ඇද ගැනීමෙන් බිත්තර පිපිරීම වළක්වා ගත හැකිය.

පල්ලෙ පොටෝ ටිකත් බලන්නකෝ:
















ලිපිය ලියන්න කරුණු ලාබගත්තේ Nilusha Dilrukshi මහත්මිය ලියපු ලිපියකින්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment