ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ අපි බොන නෙක්ටො බීම වලින් පුඩිමක් හදාගන්න විදිහ. හරිම රසයි. ඔයාලා හදලා ඉවර වෙලා සරසා ගන්නත් අමතක කරන්න එපා.
අවශ්‍ය දේවල්:
- ටින් කිරි / condensed milk (මිල්ක්මේඩ් - Milkmaid) ලොකු ටින් එකක්
- නෙක්ටො (Necto) සිසිල් බීම 500ml
- ජෙලටින් කුඩු (Gelatin powder) මේස හැදි 4-5 ක්
සාදා ගන්නා ආකාරය:
- මිල්ක්මේඩ් සහ නෙක්ටෝ එකට මිශ්‍ර කරන්න.
- ජෙලටින් උණු වතුර අඬු කොප්ප ½ ක හොඳින් දිය කර කලින් සාදා ගත් ටින් කිරි සහ නෙක්ටෝ මිශ්‍රණයට හොඳින් කලවම් කර ගන්න.
- දැන් බටර් තැවරූ භාජනයකට දමා ශීතකරණයේ සෙට් වීමට තබන්න.
- සෙට් වූ පසුව අනිත් පැත්ත හරවා කැමති ආකාරයකට සරසා පිළිගන් වන්න.
ලිපිය ලිව්වේ: Sashi Gunarathna මහත්මිය.