About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Dhal - පරිප්පු තෙල් දැමීම

ඔයාලා වගේම ඉවුම් පිහුම් ඇප් එක බලන උත්පලා කියලා මිතුරියක් ඔන්න ඔයාලට එයා පරිප්පු තෙල් දාලා හදාගන්නේ…
Dhal - පරිප්පු තෙල් දැමීම
ඔයාලා වගේම ඉවුම් පිහුම් ඇප් එක බලන උත්පලා කියලා මිතුරියක් ඔන්න ඔයාලට එයා පරිප්පු තෙල් දාලා හදාගන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි යන්නෙ. ඔන්න මුලුතැන්ගෙයි පැත්තට අලුත් අපේ නංගිලාට, ඒ වගේම පිටරට ගිහිල්ලා දැන් තනියම උයාපිහා ගන්න වෙලා තියෙන මල්ලිලාට එහෙම නියමයි. කෙනෙක්ට හිතෙන්න පුලුවන් අය්යෝ පරිප්පු හදන එකත් වැඩක්ද කියලා. හුරු උනාට පස්සෙ නම් පුලුවන්. නැත්නම් ඉතිං අම්මේ... ලුනු කොච්චරක්ද?..... මතක ඇතිනෙ හැමෝටම පළවෙනි දවස් එහෙම.
පරිප්පු තෙල් දාලා පාන් එක්ක එහෙම කනකොට රස ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඉතිං. ඇයි ඒ වගේද බත් මුලක් බදිද්දිත් හරිම අගෙයි.

අවශ්‍ය දේවල්:
  • පරිප්පු කප් 1
  • මිරිස් කුඩු තේ හැඳි 1/2
  • කහ කුඩු තේ හැඳි  1/2
  • මිරිස් කරල් 2
  • කපාගත් ලුණු ටිකක්
  • සුදුලුනු බික් 2
  • ලුනු රස අනුව
  • තෙල් මේස හැඳි 1
  • අබ තේ හැඳි 01
  • කරපිංචා කොල ටිකක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අබ හැර අනෙකුත් දේවලුත්, කරපින්ච වලින් භාගයකුත් දමා, වතුර මදක් අඩුවෙන් දමා පරිප්පු තම්බා ගන්න. පසුව තාච්චියක් ලිප තබා ඊට තෙල් දමා, තෙල් රත් වනවිට අබ පුපුරන්න දමා, ඊට කරපිංචා  කොල ටිකක් දමා, මුලින් පිලියෙලකල පරිප්පු ඊට කලවම් කර තෙම්පරාදු කරගන්න.
  • ඔච්චරයි දැන් ඉතිං කන්න තමයි තියෙන්නෙ. කලිනුත් කිව්වා වගේ, පාන් එක්කනම් නියම්යි. 
 
 
 
ලිපිය අපිට එව්වේ උත්පලා පියදාස කියලා රෝමයේ ඉන්න මිතුරියක්. ඉතිං අපි හැමොම, උත්පලා මේ වගේ එයා කෑම හදන විදිහ අපිට කියලා දුන්නට ස්තූති වන්ත විය යුතුයි නේද. ඔන්න දිගටම එයා හදන ඒවා එයා එවනවයි කියන්නෙ. ආයෙමත් උත්පලාව හමුවෙමුකෝ උත්පලාගේ ඊලග ලිපියෙන් එහෙනම්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment