About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Sabudana Khichdi - මිරිස් රසට සව් හදමු

සව් කන්න ආස නමුත් විවිධ ලෙඩ රෝග නිසා සීනි සහ පොල් කිරි අගුණ අයට මිරිස් සැරට සව් හදන විදිහ බලමු. ඉන්…
Sabudana Khichdi - මිරිස් රසට සව් හදමු
සව් කන්න ආස නමුත් විවිධ ලෙඩ රෝග නිසා සීනි සහ පොල් කිරි අගුණ අයට මිරිස් සැරට සව් හදන විදිහ බලමු. ඉන්දියාවේ නම් මේක ප්‍රසිද්ධ කෑමක්. Sabudana khichdi කියලා තමයි හදුනවන්නේ.
අවශ්‍ය දේවල්:
  • සව්
  • වතුර
  • ඔලිව් තෙල්
  • අබ
  • කරපිංචා
  • ලූනු
  • සුදුලූනූ
  • අමු මිරිස්
  • කහ පොඩ්ඩක් (අවශ්‍ය නම්)
  • මිරිස් ටිකක්
  • රස අනුව ලුනු
  • ඇට ඉවත් කර කපාගත් තක්කාලි ටිකක්

සාදාගන්නා ආකාරය:
  • සව් වලට වතුර පොඩ්ඩක් දාලා (සව් ටික වැහෙන්න වතුර දැම්මා නම් ඇති) පැය හයක් පමණ පෙගෙන්න දාන්න.
  • භාජනයක් ලිපේ තියලා ඔලිව් තෙල් ටිකක් දාලා එයට අබ, කරපිංචා, ලූනු, සුදුලූනූ, අමු මිරිස් දාන්න.
  • ඒවා බැදෙනකොට සව් ටික දාන්න. කහ පොඩ්ඩක් දාන්න අවශ්‍ය නම්. මිරිස් ටිකක් සහ රස අනුව ලුනු දාන්න.
  • ලිපෙන් බාලා ඇට ඉවත් කර කපාගත් තක්කාලි ටිකක් දාලා කවලම් කරගන්න.
  • සව් පෙගිලා නිසා ඉක්මනට ඉදෙනවා එනිසා ගොඩාක් වෙලා උයන්න අවශ්‍ය නෑ.

වැදගත්:
  • සාමාන්යෙන් "Sabudana Khichdi" හදන්න ගන්නේ "Tapioca Sago". ඒ ඇට අපේ සව් ඇට වලට වඩා ලොකුයි. අපේ ලංකාවෙ සව් පුංචියි. ලංකාවෙ එකෙන් හදාගන්නවා නම් පැය හයක් පෙගෙන්න අවශ්‍ය නැහැ විනාඩි 10ක් ප්‍රාමාණවත් ඒවගෙම වතුර ඉතාම සුලු ප්‍රමාණයක් දාලා පෙගෙන්න දාන්න.
 
 මේ තියෙන්නෙ Tapioca Sago.
 
 මේ තියෙන්නෙ අපේ ලංකාවෙ සව්. මේ සව් ගැන ඔයාලා දන්නවනේ. මේ පොටෝ එකේ පේනවට වඩා ඒ ඇට පුංචියි තවත්.
 
ඔන්න ඒ විදිහට අන්තිමට මිරිස් රසට මම හදපු සව් එක තමා මේ. නැත්නම් මම හදපු Sabudana khichdi එක තමයි මේ.









ලිපිය ලිව්වේ: Thilini Gayathri Muthunayaka මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment