About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mutton Curry - එළු මස් කරියක් හදමු

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ එළු මස් කරියක් හදාගන්නේ කොහොමද කියලා. මේ විදිහට ඕනෑම මස් වර්ගයක් හදන්න …
Mutton Curry - එළු මස් කරියක් හදමු
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ එළු මස් කරියක් හදාගන්නේ කොහොමද කියලා. මේ විදිහට ඕනෑම මස් වර්ගයක් හදන්න පුලුවන් ඒවගේම හරිම රසයි. බත් එක්ක වගේම විශේෂයෙන් රොටි පරාටා කන්න වඩාත් හොදයි.
අවශ්‍ය දේවල්:
  • එළු මස් 1kg
  • තක්කාලි ගෙඩි දෙකක්
  • ලූනු ගෙඩියක්
  • අමු තුනපහ තේහැන්දක්
  • බැදපු තුනපහ තේහැන්දක්
  • කහ කුඩු තේහැන්දක්
  • මිරිස් කුඩු තේ හැදි 3ක්
  • ගරම්මසාලා කුඩු තේහැදි 2ක්
  • ගම්මිරිස් කුඩු තේහැන්දක්
  • දුරු ඇට ස්වල්පයක්
  • අබ ස්වල්පයක්
  • මුදවපු කිරි හෝ යෝගට් කෝප්පයක්
  • වතුර
  • තෙල්

සාදාගන්නා ආකාරය:
මස් සීසන් කිරීම සදහා මිශ්‍රණය සදාගන්න විදිහ,
  • වියළි මිරිස් කරල් කිහිපයක්, කුරුදු පොතු කැබැල්ලක්, එනසාල් ඇට කිහිපයක්, කරාබුනැටි කිහිපයක්, ඉගුරු, සුදුලූනු, රස අනුව ලුනු, විනාකිරි මේස හැන්දක් සහ පොල් කිරි කෝප්ප භාගයක් එකට දමා බ්ලෙන්ඩර් කරගන්න.
  • සෝදා පිරිසිදුකරගත් මස් වල එම මිශ්‍රණය හොදින් තවරා සීසන් වෙන්න පැය භාගයක් පමණ තබන්න.

ඊට පස්සෙ,
  • හාජනයක් ලිප තබා තෙල් සවල්පයක් දාලා රත් වෙනකොට පිලිවෙලින් අබ, ලූනු, තක්කාලි දාගන්න.
  • මිනිත්තු දෙක තුනකට පසු මිරිස් කුඩු, තුනපහ, දුරු ඇට, කහ කුඩු, ගම්මිරිස්, ගරම්මසාලා සහ ලුනු දමා කවලම්කරගන්න.
  • ඊළඟට මස් ටික සහ යෝගට් දාන්න.
  • දැන් වතුර කෝප්ප දෙකක් පමණ දාලා පියනකින් වසා මද ගින්නේ මිනිත්තු 40ක් පමණ පිසගන්න.
  • අඩිය අල්ලන්න නොදි සැරින් සැරේ කවලම්කරගන්න.

පල්ලෙ පොටෝ ටිකත් පොඩ්ඩක් බලන්නකෝ:
 මස් සීසන් කරන්න ඕන වෙන මිශ්‍රණය හදාගන්න කොට වියළි මිරිස් කරල්, කුරුදු, එනසාල්, කරාබුනැටි, ඉගුරු, සුදුලූනු, ලුනු, විනාකිරි පොල් කිරි එකට දමා බ්ලෙන්ඩර් කරගන්න මේ වගේ.

ඊට පස්සෙ මස් වල ඒ මිශ්‍රණය හොදින් තවරලා සීසන් වෙන්න පැය භාගයක් විතර තියන්න.

ඒ විදිහට ඊට පස්සෙ දාන්න ඕන දේවල් දාලා හදාගත්ත එළු මස් කරිය තම්යි මේ. හැමදාම එකම විදිහට හදන එළු මස් මේ විදිහටත් හදලා බලන්නකෝ.









ලිපිය ලිව්වේ: Thilini Gayathri Muthunayaka මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment