About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chocolate Pudding - මන්චී සමපෝශ බිස්කට් සමග චොක්ලට් පුඩින් හදමු

මන්චී සමපෝශ බිස්කට් එහෙම දාලා චොක්ලට් පුඩිමක් හදාගන්න විදිහ තමා දැන් කියලා දෙන්න යන්නෙ. මේක හදනකොට …
Chocolate Pudding - මන්චී සමපෝශ බිස්කට් සමග චොක්ලට් පුඩින් හදමු
මන්චී සමපෝශ බිස්කට් එහෙම දාලා චොක්ලට් පුඩිමක් හදාගන්න විදිහ තමා දැන් කියලා දෙන්න යන්නෙ. මේක හදනකොට බිත්තර එහෙම දාන්නෙ නෑ. ඔන්න බිත්තර නොකන අයට හොදයි. බලන්නකෝ එහෙනම් කොහොමද හදන්නේ කියලා.

අවශ්‍ය දේවල්:
  • මාරි හෝ සමපෝශ බිස්කට් 100g (කැමති නම් කඩා ගන්න)
  • කජු පොඩ්ඩක්
  • සැරසීමට කජු කෝප්ප 1/2
  • සීනි 200g
  • කොක්කෝවා පව්ඩර් 20g
  • වතුර
  • බටර් 1/2 කප්
  • විප් ක්‍රීම් 1/3 කප් (සුපර් මාකට් වල ගන්න තියෙනවා)
  • කුකින් චොකලට් 120g (සුපර් මාකට් වල ගන්න තියෙනවා)

සාදාගන්නා ආකාරය:
  • කොකෝවා පව්ඩර්, සීනි එකට මිශ්‍ර කරන්න.
  • එයට වතුර 200ml දාලා ලිපේ තියා බටර් දාන්න. උකු වන විට ලිපෙන් බා නිවෙන්න තියන්න.
  • කඩා ගත් බිස්කට් වලට කජු සහ මෙම මිශ්‍රනය මිශ්‍ර කරන්න.
  • එය ග්ලාස් බෝල් (භාජනයක) එකක දමා තද කර ෆ්‍රිජ් එකේ පැයක් තියන්න.
  • විප් ක්‍රීම් ටික උනු කරන්න.
  • එයට කුකින් චොකලට් දමා බීට් කරන්න. ගොඩක් ඝනකම් මිශ්‍රනයක් එන්න ඕන.
  • එය පුඩින් එක උඩින් දා ගන්න.
  • පැය 5ක් ෆ්‍රිජ් එකේ තියන්න.
  • පසුව උඩ කජු වලින් සරසා ගෙන මේසයට හරින්න.

පල්ලෙ පොටෝ ටිකත් බලන්නකෝ:
 මේ තියෙන්නෙ මම ගත්ත දේවල් වලින් ටිකක්

 මේ තව ගත්ත දේවල් ටිකක්

 කොකෝවා පව්ඩර්, සීනි එකට මිශ්‍ර කරලා ඒකට වතුර දාලා ලිපේ තියලා බටර් දැම්මා

 ඔන්න ඒක හරි. ඒක උකු වන කොට ලිපෙන් බාලා නිවෙන්න තියන්න.

 බෝල් එකකට කඩා ගත් බිස්කට්, කජු දාලා හදාගත්ත.

 ඒකට අර හදාගත්ත මිශ්‍රය දැම්මා.

 විප් ක්‍රීම් ටික උනු කරන්න ඕන මෙන්න මේ වගේ.

 ඒකට දැන් කුකින් චොකලට් දමා බීට් කරන්න. ගොඩක් ඝනකම් මිශ්‍රනයක් එන්න ඕන.

 මෙන්න මේ වගේ මිශ්‍රනයක් එන්න ඕන.

 මේ තියෙන්නෙ කලින් අර අපි ෆ්‍රිජ් එකේ තියාගත්ත එකයි දැන් හදපු චොකලට් මිශ්‍රනයයි. දැන් මේ චොකලට් මෙශ්‍රනය අනිත් එක උඩින් දාලා ෆ්‍රිජ් එකේ තියෙන්න ඕන ආයෙමත්.

 ඊට පස්සෙ ෆ්‍රිජ් ඒකේ තියලා ගත්තහම මෙහෙම තියෙයි.

අන්තිමට ඔයාලට තියෙන්නෙ මේ වගේ සරසාගෙන පිලිගන්වන්න, හරිම පැණි රසයි. තනියම හොරෙන් හොරෙන් පොඩ්ඩ පොඩ්ඩ කන්නත් අමතක කරන්න එපා..







ලිපිය ලිව්වේ: Amali Chandima මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment