About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kangkung - තායි ක්‍රමයට කංකුන් හදමු

තායි ක්‍රමයට කංකුන් හදන විදිහක් තමා ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ඔයාලට. මේක හදනකොට මස් වර්ගයක් දානවා…
Kangkung - තායි ක්‍රමයට කංකුන් හදමු
තායි ක්‍රමයට කංකුන් හදන විදිහක් තමා ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ඔයාලට. මේක හදනකොට මස් වර්ගයක් දානවා. මමනම් ගත්තේ කුකුල් මස්. හැමදාම කංකුන් එකම විදිහට හදන එකේ මේක හදන්න ඕන කරන බඩු තියෙනවනම් මේ විදිහටත් හදලා බලන්නකෝ.

අවශ්‍ය දේවල්:
  • කංකුන්
  • තම්බා කැබලි කපාගත් කුකුල් මස් 100g (මස් ටික තමිබද්දි කහ, ගම්මිරිස් හා ලුනු ටිකක් දාලා තම්බාගන්න)
  • මස් තම්බාගත් වතුර කෝප්පයක්
  • ඉගුරු
  • සුදුලූනු
  • ලූනු
  • අමු මිරිස්
  • කහ
  • කෑලි මිරිස්
  • ලුනු
  • සෝයා සෝස් මේස හැන්දක්
  • තෙල්

සාදාගන්නා ආකාරය:
  • භාජනයක් ලිපේ තියලා තෙල් පොඩ්ඩක් දාගන්න. රත් වුනාම ඉගුරු, සුදුලූනු, ලූනු දාලා බැදීගෙන එනකොට තම්බාගත් මස් ටිකත් සෝයා සෝස් හා මස් තම්බාගත් වතුර දාගන්න.
  • රස අනුව ලුනු, කහ හා කෑලි මිරිස් දාලා වතුර ගතිය හිදීගෙන එනකොට කංකුන් ටික දාලා කවලම් කර මද ගින්නෙන් විනාඩියත් පමණ පිසගන්න.

පල්ලෙ පොටෝ ටිකත් බලන්නකෝ:
මේ තියෙන්නෙ මම ගත්ත දේවල්.

දැන් මේකට දාන්න ඕන කංකුන් ටික

ඒ විදිහට හදාගත්ත අපේ තායි කංකුන් එක තමයි මේ.








ලිපිය ලිව්වේ: Thilini Gayathri Muthunayaka මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment