About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chilli & Tomato Sauce - තක්කලි-මිරිස් සහිත සෝස් හදමු

මිරිස් දාපු තක්කලි සෝස් එකක් ගෙදරදීම හදමුද? ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ කොහොමද හදන්නෙ කියලා. හරිම ර…
Chilli & Tomato Sauce - තක්කලි-මිරිස් සහිත සෝස් හදමු
මිරිස් දාපු තක්කලි සෝස් එකක් ගෙදරදීම හදමුද? ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ කොහොමද හදන්නෙ කියලා. හරිම රසයි. ඒ වගේම ටිකක් සැරයි. බලන්නකෝ එහෙනම් කොහොමද හදන්නේ කියලා.

අවශ්‍ය දේවල්:
  • තක්කලි 800g පමන
  • තලා ගත් ඉගුරු පොඩ්ඩක්
  • තලා ගත් සුදු ලූනු බික් 5
  • ලුනු
  • සීනි මේස හැදි 2
  • වියලි මිරිස් කරල් 10 විතර
  • තෙල් පොඩ්ඩක්
  • විනාකිරි හෝ දෙහි ඉස්ම පොඩ්ඩක්

සාදාගන්නා අකාරය:
  • මුලින්ම වියලි මිරිස් කරල් ගෙන 2ට කඩා උණු වතුරේ විනාඩි 8ක් පමණ තැම්බෙන්න තබන්න. එවිට ඇට ටික නිකන් ම ඉවත් වේ.
  • දැන් එහි වතුර පෙරා පසෙකින් තබන්න.
  • තක්කාලි උණු වතුරේ තම්බා පසුව වතුර අයින් කර පෙරනයකට දමා හැන්දකින් තද කරමින් පොතු සහ ඇට ඉවත් වන පරිදි පොඩි කර ගන්න.
  • ඉඟුරු, සුදු ලූනු හා මිරිස් බ්ලෙන්ඩ් කර ගන්න.
  • පසුව එයටම ටිකෙන් ටික තක්කාලි දියර එක් කරමින් හොඳින් බ්ලෙන්ඩ්ර් කර ගන්න.
  • දැණ් භාජනයක් ලිප තබා තෙල් පොඩ්ඩක් දමා රත් වන විට මෙම බ්ලෙන්ඩර් කර ගත් මිශ්‍රණය දා ගන්න.
  • එයට ලුණු ද එකතු කරන්න.
  • හොඳින් හැදි ගාමින් මිශ්‍ර කර විනාඩි 10ක් පමණ පිස ගැනීමෙන් අනතුරුව සීනි ටික දා ගන්න.
  • පසුව දියාරු ගතිය නැති වී උකු ගතිය එනවිට ලිපෙන් බා ගන්න.
  • එය නිවුනු පසු විනාකිරි හෝ දෙහි ඉස්ම ටිකක් දා ගන්න.
  • උණු වතුරේ තැම්බූ වීදුරු බොතල් හොඳින් පිස දමා උණුවෙන්ම මෙම සෝස් මිශ්‍රණය දමා සීල් කර දින 2 කට පසුව ප්‍රයෝජනයට ගන්න.

පල්ලෙ පොටෝ ටිකත් බලන්නකෝ:
 මේ තියෙන්නෙ මම ගත්ත දේවල්.

 මිරිස් කරල් ටික ඇරන් මේ වගේ දගන්න

 ඊට පස්සෙ උණු වතුරේ විනාඩි 8ක් පමණ තැම්බෙන්න තබන්න මේ වගේ. එතකොට ඇට ටික නිකන් ම ඉවත් වෙයි.

 තක්කාලි උණු වතුරේ තම්බා ගන්න මේ වගේ.

 පස්සෙ වතුර අයින් කරලා පෙරනයකට දලා හැන්දකින් තද කරමින් පොතු සහ ඇට ඉවත් වන පරිදි පොඩි කර ගන්න මේ වගේ. යුශ ටික ගන්න ඕන.

 ඉඟුරු, සුදු ලූනු හා මිරිස් බ්ලෙන්ඩ්ර් එකට දාගන්න.
 දැන් බ්ලෙන්ඩ් කර ගන්න මේ වගේ.

 පසුව එයටම ටිකෙන් ටික තක්කාලි දියර එක් කරමින් හොඳින් බ්ලෙන්ඩ්ර් කර ගන්න මේ වගේ.

 දැණ් භාජනයක් ලිප තබා තෙල් පොඩ්ඩක් දමා රත් වන විට මෙම බ්ලෙන්ඩර් කර ගත් මිශ්‍රණය දා ගන්න මේ වගේ. ලුණු ද එකතු කරන්න.

 හොඳින් හැදි ගාමින් මිශ්‍ර කර විනාඩි 10ක් පමණ පිස ගැනීමෙන් අනතුරුව සීනි ටික දා ගන්න.

 පසුව දියාරු ගතිය නැති වී උකු ගතිය එනවිට ලිපෙන් බා ගන්න. ඊට පස්සෙ නිවුනු පසු විනාකිරි හෝ දෙහි ඉස්ම ටිකක් දා ගන්න. දැන් බෝතලේකට දාලා, දවස් දෙකකින් කෑමට ගන්න.








ලිපිය ලියන්න කරුණු ලබාගත්තේ Amali Chandima මහත්මිය ලියපු ලිපියකින්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment