About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Omelet Curry - බිත්තර ඔම්ලට් ව්‍යාංජනය

බිත්තර ඔම්ලට් වලින් ව්‍යාංජනයක් හදමුද? හරිම රසයි. ඒ වගේම හදන්නත් ලේසියි. ඔන්න වෙනසකටත් එක්ක හදන්න හ…
Omelet Curry - බිත්තර ඔම්ලට් ව්‍යාංජනය
බිත්තර ඔම්ලට් වලින් ව්‍යාංජනයක් හදමුද? හරිම රසයි. ඒ වගේම හදන්නත් ලේසියි. ඔන්න වෙනසකටත් එක්ක හදන්න හොදයි.
අවශ්‍ය දේවල්:
  • බිත්තර 2
  • රතු ලූණු ගෙඩි 5
  • ගරම් මසාලා තේ හැදි 1
  • බැදපු මිරිස් කුඩු තේ හැදි 1 ½
  • ගම්මිරිස් කුඩු
  • කහ කුඩු තේ හැදි  ¼
  • අමු මිරිස් කරල් 2
  • කරපිංචා
  • රම්පේ
  • තක්කාලි ගෙඩි  ½
  • උකු පොල් කිරි කෝප්ප 1 ½
  • ලුණු (රස අනුව)
  • තලා ගත් කරදමුංගු ඇට 2ක්
  • කුඩා කුරුඳු පොතු කැබැල්ලක්
  • උම්බලකඩ කුඩු මේස හැදි 3ක්
  • පොල් තෙල්

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම බිත්තර කඩා භාජනයකට දමා ගෙන එයට ලුණු ස්වල්පයක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක් සහ උම්බලකඩ කුඩු මේස හැදි 2ක් දමා හැන්දකින් යන්තමින් ගසා ගන්න.
  • පසුව නොන්ස්ටික් පෑන්(nonstick pan) 1ක් හෝ සුදුසු භාජනයකට තෙල් ටිකක් දමා ගෙන තෙල් රත් වූ විට එයට බිත්තර එක් කර ගෙන බිත්තර ඔම්ලට්(omelet) සකසා ගන්න.
  • දැන් සාදා ගත් බිත්තර ඔම්ලට් කැමති ප්‍රමාණයේ කොටු වලට කපා ගෙන පසෙකින් තබන්න.
  • පසුව තවත් භාජනයක් ගෙන එයට ලියා ගත් රතු ලූණු, ලියා ගත් අමු මිරිස්, ලියා ගත් තක්කාලි, ගරම් මසාලා, බැදපු මිරිස් කුඩු, කරපිංචා, රම්පේ, තලා ගත් කරදමුංගු, කුරුඳු පොතු කැබැල්ල, උම්බලකඩ කුඩු මේස හැන්දක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක්, කහ කුඩු සහ පොල් කිරි එකතු කර ලිප තබා ගෙන පිස ගන්න.
  • ඉන්පසුව රස අනුව ලුණු ද එකතු කරන්න.
  • දැන් හොද්ද නටා ගෙන එන විට කලින් කොටු වලට කපා පසෙකින් තබා ගත් බිත්තර කැබලි ගෙන එයට එක් කර මද වේලාවක් පිස ගෙන ලිපෙන් බා ගන්න.






ලිපිය ලියන්න කරුණු ලබාගත්තේ Hemadama Adaren on RanOne FM ෆේස්බුක් පිටුවේ ෆොටෝ එකකින්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment