About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Pineapple Pudding - අන්නාසි පුඩිං

මීට කලිනුත් අපි අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එකේ අන්නාසි වලින් පුඩිං හදාගන්න විදිහ කියලා දුන…
Pineapple Pudding - අන්නාසි පුඩිං
මීට කලිනුත් අපි අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එකේ අන්නාසි වලින් පුඩිං හදාගන්න විදිහ කියලා දුන්නනේ. ඔන්න දැන් තවත් අලුත් ක්‍රමේකට අන්නාසි වලින් පුඩිං හදාගන්න විදිහ කියලා දෙන්න යන්නෙ. බලන්නකෝ හදන්නෙ කොහොමද කියලා එහෙනම්.

අවශ්‍ය දේවල්:
  • අන්නාසි ගෙඩි 1
  • ලොකු ටින් කිරි (Milkmaid) 1
  • ජෙලටින් (Gelatin) තේ හැදි 2
  • සීනි 175g
  • වැනිලා තේ හැදි 1
  • බේක් කර ගත් කජු කැබලි ටිකක්

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම අන්නාසි ගෙඩිය පිරිසිදු කර ගෙන පොතු ඉවත් කර කුඩා කැබලි වලට කපා ගන්න.
  • පසුව එයට ජලය අඬු කෝප්පයක් පමණ එක් කර සීනි ටික දමා ගෙන ලිප තබන්න.
  • එය අඩු ගින්දරේ හැදි ගාමින් පිස ගන්න.
  • යන්තමින් ඝනකම් පැණියක් මෙන් සිරප් එක සෑදුනු විට ලිපෙන් බා ගන්න.
  • බා ගත් මිශ්‍රණය මදක් නිවෙන්නට පසෙකින් තබා ගන්න.
  • දැන් ටින් කිරි කෑන් එක කඩා බදුනකට දමා ගෙන එයටම ටින් කිරි කෑන් 1 ½ ප්‍රමාණයට ජලය එක් කර හොඳින් මිශ්‍ර කරන්න.
  • දැන් පසෙකින් තබා ගත් අන්නාසි මිශ්‍රණය ගෙන එයින් බාගයක් හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.
  • බ්ලෙන්ඩර් කර ගත් අන්නාසි මිශ්‍රණය ටින් කිරි මිශ්‍රණයට එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.
  • පසුව ඉතිරි අන්නාසි බාගයෙන් 2/3 පමණ ප්‍රමාණයක් ගෙන එය ද ටින් කිරි හා බ්ලෙන්ඩර් කර ගත් අන්නාසි මිශ්‍රණයට එකතු කරන්න.
  • ඉන් පසුව ජෙලටින් තේ හැදි 2 උණු වතුර කෝප්ප 1/2 හොඳින් දිය කර ගන්න.
  • දැන් කලින් සාදා ගත් අන්නාසි හා ටින් කිරි මිශ්‍රණයට ජෙලටින්, කජු හා වැනිලා එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න.
  • අවසාන වශයෙන් ඉතිරි අන්නාසි කැබලි උඩින් ඉස ගන්න.
  • ශීතකරණයේ පැය කිහිපයක් තබා ගෙන සෙට් වූ පසු කැමති ආකාරයකින් සරසා ගෙන පිළිගන් වන්න.

වැදගත්:
  • තම තමන්ගේ රස අනුව සීනි අඩු වැඩි කර ගත හැකිය.

පල්ලෙ පොටෝ ටිකත් බලන්නකෝ:
 බ්ලෙන්ඩර කරගත් අන්නාසි හා ටින්කිරි මිශ්‍රනයට සකස් කරගත් අන්නාසි කැබලි එක් කරගනිමින්.

පිළිගන් වන්න කලින් සරසා ගන්නත් අමතක කරන්න එපා.








ලිපිය ලිව්වේ: G.සෙව්මි උපේක්ෂා මෙනවිය. මෙම වට්ටොරුවෙන් කරන්නවූ උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment