About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Pilau Rice - පිලවු රයිස්

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ පිලවු රයිස් කියන රයිස් වර්ගය හදන්නේ කොහොමද කියලා. මොකක් කිව්වා? පිලවු ර…
Pilau Rice - පිලවු රයිස්
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ පිලවු රයිස් කියන රයිස් වර්ගය හදන්නේ කොහොමද කියලා. මොකක් කිව්වා? පිලවු රයිස්!! ඔව් ඔව් පිලවු රයිස් තමයි. නම අහලාවද් නැතිවුනාට කමක්නෑ. සාමාන්‍ය රයිස් එකක් වගේම තම. ටිකක් ටිකක් වෙනස්. පොඩ්ඩක් බලන්නකෝ හදන්නෙ කොහොමද කියලා එහෙනම්.

අවශ්‍ය දේවල්:
  • බාස්මතී සහල් 750g
  • ගිතෙල් මේස හැදි 5-6
  • තලා ගත් කරදමුංගු (එනසාල්) ඇට 4-5
  • කරාබු නැටි 3-4
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • ගම්මිරිස් ඇට 7-8
  • අබ ඇට තේ හැදි  ½
  • චොප් කර ගත් රතු ලූණු ගෙඩි 4
  • හොඳින් තලා ගත් ඉඟුරු තේ හැදි  ½
  • ලුණු (රස අනුව)
  • උණු වතුර (බත ඉදීමට අවශ්‍ය ප්‍රමාණයට)
  • කහ කුඩු තේ හැදි  ¾
  • බාගෙට තම්බා ගත් ග්‍රීන් පීස් 350g
  • වියළි මිදි 100g
  • බැද ගත් කජු 100g

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම සහල් සෝදා පිරිසිදු කර වතුර පෙරා ගන්න.
  • පසුව සුදුසු භාජනයක් ලිප තබා එයට ගිතෙල් දමා රත් වන විට කරාබු නැටි, කරදමුංගු, කුරුඳු පොතු කැබැල්ල, ගම්මිරිස් ඇට සහ අබ එක් කරන්න.
  • දැන් එයට ඉඟුරු සහ ලූණු එක් කර මදක් බැදෙන්න හරින්න.
  • පසුව ග්‍රීන් පීස් සහ වියළි මිදි එක් කර මදක් තෙම්පරාදු කර ගන්න.
  • ඉන් පසු සහල් ද එක් කර විනාඩි කිහිපයක් තෙම්පරාදු කර ගන්න.
  • දැන් කහ කුඩු සහ රස අනුව ලුණු අවශ්‍ය ප්‍රමාණයට දමා කලවම් කර ගෙන  බත පිස ගැනිමට අවශ්‍ය ප්‍රමාණයට වතුර එක් කර පිස ගන්න.
  • අවසානයේ දි උඩින් බැද ගත් කජු ඉස උණුවෙන්ම පිළිගන් වන්න.
ග්‍රීන් පීස්, මිදි දැම්මා වගේම තමා අන්තිමට බැද ගත්ත කජු දාගන්නත් අමතක කරන්න එපා.







ලිපිය ලිව්වේ: G.සෙව්මි උපේක්ෂා මෙනවිය. මෙම වට්ටොරුවෙන් කරන්නවූ උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment