About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Instant Kokis - ක්ෂනික කොකිස්

ක්ෂනික කොකිස් කිවුවහම ටිකක් අමුතුයි වගේ නේද? හැබැයි විශේෂ අමුත්තකුත් නැහැ ඉතින්, මෙහෙම කියන්න හේතුව…
Instant Kokis - ක්ෂනික කොකිස්
ක්ෂනික කොකිස් කිවුවහම ටිකක් අමුතුයි වගේ නේද? හැබැයි විශේෂ අමුත්තකුත් නැහැ ඉතින්, මෙහෙම කියන්න හේතුව කොකිස් හදන්න අරන් තියෙන දේවල් නිසයි. ඒ කියන්නේ මේ කොකිස් හදලා තියෙන්නේ කඩේ තියන ඉදිආප්ප පිටි, මැගී පොල්කිරි සහ නොන්ස්ටික් කොකිස් අච්චුවක් භාවිතා කරලයි. ලංකාවෙන් දුර එතෙර පිටරටවල් වල ඉන්න කොකිස් හදා ගන්න ඕන කරන දේවල් හොයා ගන්න අපහසු අයට මේ ක්‍රමය වඩාත් ප්‍රයෝජනවත් වේවි. එහෙනම් පටන් ගමු නේද? 

අවශ්‍ය දේවල්:
  • ඉදිආප්ප පිටි පැකට් 1 (1kg)
  • මැගී පොල්කිරි (Maggi Coconut Milk Powder) පැකට් ½ (150g)
  • ලුණු (රස අනුව)
  • කහ කුඩු ස්වල්පයක්
  • කොකිස් අච්චුවක්
  • කොකිස් බැද ගැනීමට පොල් තෙල්

සාදා ගන්නා ආකාරය:
  • මැගී පොල් කිරි පිටි වතුර අඬු කෝප්ප හතරක් දමා දිය කර ගන්න.
  • පිටි ටිකට ලුණු සහ කහ දමා පොල් කිරි ටික ටික දමමින් උකු මිශ්‍රණයක් සාදා ගන්න.
  • සාමාන්‍ය ආකාරයට කොකිස් අච්චුව යොදා ගනිමින් කොකිස් සාදා ගන්න.

වැදගත්:
  • මෙම මිශ්‍රණය සාමාන්‍ය අමු පිටි වලින් සාදා ගන්නා කොකිස් මිශ්‍රණයට වඩා ටිකක් ඝනකමට ගත යුතුය.
  • හොඳින් ගැලවෙන්නේ නැති කොකිස් අච්චු සඳහා පිටි මිශ්‍රණයට බිත්තරයක් එක් කර ගන්න.
 කොකිස් ලේසියෙන්ම ගලවගන්න පුලුවන් අච්චුවක් පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා. එහෙම නැති උනොත් කොකිස් කෑලි තමයි කන්න වෙන්නෙ.
 
 
 
 
 
 
ලිපිය ලිව්වේ: Anu Hettiarachchi මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment