About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Rocky Road Sweet Delight - රොකී රෝඩ් ස්වීට් ඩිලයිට්

ඔන්න ඔයාලා වගේම මේ "ඉවුම් පිහුම්" ඇප් එක බලන අපි ඔක්කොගෙම මිතුරියක් ඔයාලට කියලා දෙන්න කිය…
Rocky Road Sweet Delight - රොකී රෝඩ් ස්වීට් ඩිලයිට්

ඔන්න ඔයාලා වගේම මේ "ඉවුම් පිහුම්" ඇප් එක බලන අපි ඔක්කොගෙම මිතුරියක් ඔයාලට කියලා දෙන්න කියලා අපිට අලුත් කෑමක් එවලා.. මිතුරියගේ නම තමයි "තුසී සාන්යා". ඔන්න එයා දැන් කියලා දෙන්න යන්නෙ "රොකී රෝඩ් (Rocky Road Sweet Delight)" කියන රසම රස කෑම වර්ගෙ හදන්නෙ කොහොමද කියලා. රොකී රෝඩ් කියන මේවා හදන්නේ චොකලට්, කජු, මාශ්මෙලෝ, මිල්ක් කුකීස්, චෙරි එහෙම පාවිච්චි කරලා. සරලවම කිව්වොත් රොකී රෝඩ් කියන්නෙ කජු, මාශ්මෙලෝ, මිල්ක් කුකීස්, චෙරි එහෙම දාපු රසම රස චොකලට් කෑලි වලට කියන්නෙ කියලා හිතා ගන්නකෝ. පොටෝ දිහා බලපුවහම පේනවා නේද ඇයි රොකී රෝඩ් කියන්නෙ කියලා. මේක මිශ්‍රනය හදලා, කූල් කරලා එහෙම කෑලි කපලා තමයි කන්නෙ. රස කොයිතරම්ද කිව්වොත් මේකෙ අපේ යාලුවට මේක හදලා කෑලි කපනකන් ඉවසන් ඉන්න බැරි වෙලා ඕන්. කෑලි කපන්න කලින්ම කාලා. අපිට එවපු පොටෝ එකේ අපිටවත් කෑල්ලක් ඉතුරු කරලා නෑනෙ ඉතිං. පස්සෙ ඉතිං අපි කෙළ ගිල ගිල අන්තර්ජාලයෙන් ගැලපෙන පොටෝ එකක් හොයලා දැම්මා ඕන්. ඔන්න හදන්න කලින් අපිට මේ වගේ රස කෑමක් හදන විදිහ කියලා දුන්නට අපේ සාන්යා මිතුරියට අපි හෑමෝම ස්තූතී කරන්න ඕන.

අවශ්‍ය දේවල්:
  • රිට්ස්බරි කුකින් චොක්ලට් 400g
  • ඇන්කර් බටර් 20g
  • මිල්ක්මේඩ් පොඩි ටින් 1
  • කජු 100g
  • ලිට්ල් ලයන් මිල්ක් කුකීස් 100g (බිස්කට්)
  • මාශ්මෙලෝස් 200g (මම නම් ගත්තෙ Uswatte Coloured Mashmellows පැකට් 1ක්)
  • චෙරි 100g (තියෙනවා නම්)

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම කුකීස් ටික චොප් (පොඩි කරගන්න) කරගන්න. (1ක් කෑලි 4කට වගේ)
  • කජු ටික කුඩා කැබලි වලට චොප් කරගන්න.
  • මාශ්මෙලෝස් කැබලි 2ට කපාගන්න.
  • දැන් ඩබල් බොයිල් ක්‍රමයට කුකින් චොක්ලට් ටික දිය කරගන්න. (ඔන්න ඩබල් බොයිල් ක්‍රමය ගැනනම් අපි මීට කලින් කියලා දීලා තියෙනවා චොකලට් කේක්, පුඩින් හදද්දී එහෙම. පොඩ්ඩක් ඒවා බලන්නකෝ)
  • එයටම බටර්, මිල්ක්මේඩ්, කජු, චොප් කරගත් බිස්කට් එකතු කර සියල්ල හොදින් මිශ්‍ර කරන්න.
  • ඉන්පසු ලිපෙන් බාගෙන, මාශ්මෙලෝස් සහ චෙරි (තියෙනවා නම්) එකතු කරන්න.
  • දැන් සාදාගත් මිශ්‍රනය පැතලි තැටියකට දමා, ශීතකරණයෙ පැය 2ක් තබා, කෑලි කපා ආහාරයට ගන්න.(මම නම් කෑලි කපන්න කලින්ම කෑවා): අපි කීවෙ නැද්ද මේයා කලින්ම කාලා කියලා.

 මේ තියෙන්නෙ හදාගත්ත මිශ්‍රනය

 ඔන්න හදාගත්ත මිශ්‍රනය ශීතකරණයෙ තිබ්බට පස්සෙ කෑලි කපන්න කලින් අපේ " සාන්යා" මිතුරිය හොරෙන්ම කන අවස්ථාව.

 සාමාන්‍යයෙන් කෑලි කැපුවහම මෙහෙමයි තියෙන්නෙ. මේ පොටෝ එක ගත්තෙ අන්තර්ජාලයෙන්. මේ රොකී රෝඩ් එකෙයි අපේ යාලුවා හදන රොකී රෝඩ් එකෙයි පාට වෙනස්. පාට ගැන හිතන්න ඒපා. අදහසක් ගන්නකෝ කෑලි කපපුවහම මෙහෙමයි තියෙන්නෙ කියලා.








ලිපිය ලිව්වේ: තුසී සාන්යා මිතුරිය. ඇය මේ රෙස්පි එක උපුටා ගෙන තියෙන්නෙ ඉන්ටර්නෙට් එකෙන්. පොඩි වෙනස්කම් ටිකකුත් කරාලු ඇය.
මෙම වට්ටොරුව පිළිබද ඇයට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර මෙම වට්ටොරුවෙන් කරන්නවූ උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment