About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Masala Ala - මසාල අල

අල තෙල් දාන විදිහ කලින් කියලා දුන්නනේ. දැන් කියලා දෙන්න යන මේ "මසාල අල" එකයි සාමාන්‍ය අල …
Masala Ala - මසාල අල
අල තෙල් දාන විදිහ කලින් කියලා දුන්නනේ. දැන් කියලා දෙන්න යන මේ "මසාල අල" එකයි සාමාන්‍ය අල බැදුමයි ටිකක් පෙනුමෙන් එක වගේ. පොටෝ එක දැකපුවහම හිතෙයි මේ අල බැදුමක්නෙ කියලා. හැබැයි වෙනස්. රසත් වෙනස්. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා.

අවශ්‍ය දේවල්:
  • අල
  • තෙල් ටිකක්
  • අබ ඇට ටිකක් හා සුදුරු ටිකක්
  • සුදුලුනු
  • කරපිංචා
  • ළුුනු
  • අමුමිරිස්
  • කහ
  • මිරිස් කුඩු
  • ගරම් මසාල (කඩේ ගන්නත් තියෙනවා. අපේ "ඉවුම් පිහුම්" ඇප් එකේ කලින් මේවා ගෙදරදීම හදාගන්න විදිහත් කියලා දීලා තියෙනවා. චුට්ටක් බලන්නකෝ)
  • තක්කාලි
  • ලුණු
  • කොත්තමල්ලි කොල

සාදාගන්නා ආකාරය:
  • මුලින් අල තම්බා පොතු යවා පොඩියට කපා ගන්න.
  • දැන් භාජනයක් ලිපේ තියලා එකට තෙල් ටිකක් දමා රත් වු පසු අබ ඇට ටිකක් හා සුදුරු ටිකක් දමා බැදෙන්නට හරින්න.
  • එකටම කපා ගත් සුදුලුනු හා කරපිංචා දමා බැදුණු පසු එයට කපා ගත් ළුුනු වැඩිපුර ටිකක්, අමුමිරිස් දමා හොදින් බැදෙන්නට හරින්න.
  • ළුුනු ටික හොදින් බැදුණු පසු එයට කහ, මිරිස් කුඩු හා ගරම් මසාල ටිකක් දමා හොදින් මිශ්‍ර කර ගන්න.
  • එකටම කපා ගත් තක්කාලි ටිකකුත් දමා බැදෙන්නට හැර රස අනුව ලුණු දමා ගෙන කපා ගත් අල දමා හොදින් කලවම් කර ටික වේලාවක් තියා අන්තිමට කපා ගත් කොත්තමල්ලි කොල ටිකක් දමා ගන්න.
  • ඔයාලාට අවශ්‍ය නම් කොත්තමල්ලි කුඩු ටිකක් දමා ගන්න පුළුවන්.


 ඔන්න හරි. මේ තියෙන්නෙ මම හදාගත්ත එක.



 පෙනුම වගේම තමා. හරිම රසයි! (හැබැයි මතක තියාගන්න සමහර අය ගරම් මසාල රසයට කැමති නෑ )







ලිපිය ලිව්වේ: Kanchana Joseph මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment