About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Pana Kawum - පනා කැවුම්

බොම්බේ රෝල් කියලත් මෙය හඳුන්වනවා. නම මොනා වුණත් දැක්කහම පැණි බේරෙන රස කෑමක් කියලා අමුතුවෙන් කියන්න …
Pana Kawum - පනා කැවුම්
බොම්බේ රෝල් කියලත් මෙය හඳුන්වනවා. නම මොනා වුණත් දැක්කහම පැණි බේරෙන රස කෑමක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. එහෙනම් ඉතින් හදලම ඉමු නේද?
පනා කැවුම් සඳහා අවශ්‍ය දේවල්:
  • පාන් පිටි 500g
  • උකු පොල් කිරි කෝප්ප 1
  • බිත්තර 1
  • කහකුඩු ස්වල්පයක්

සීනි පැණිපත් සඳහා අවශ්‍ය දේවල්:
  • සීනි 100g
  • වතුර

පනා කැවුම් සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම පිටි, බිත්තර, කහ කුඩු භාජනයකට දමා ගෙන එයටම පොල් කිරි දමා හොඳින් අනා ගන්න.
  • අතේ නොඇලෙන ගානට පිටි ගුලියක් ආකාරයට එනතෙක් හොඳින් අත් ගසා පිටි ගුලියක් ආකාරයට සකසා ගන්න.
  • දැන් පිටි මෝලිය ටිකක් වෙලා තෙත රෙදි කඩකින්  වසා තබන්න.
  • ඉන් පසුව ගෑරුප්පුවක් ගෙන එහි පිට පැත්තට පිටි ගුලියෙන් කෑල්ලක් තබා ගෙන තද කර කොනක සිට රෝල් කරන්න.
  • පසුව කෑලි කඩා ගෙන පනා කැවුම් සකසා ගන්න.
  • ඉන්පසු බටර් ගෑ තැටියක් ගෙන එයට එකින් එක ඒවා අතර මදක් ඉඩ සිටින සේ අසුරන්න.
  • මෙය  කලින් රත් කර ගත් උඳුනක/අවන් එකක 200°C/392°F උෂ්ණත්වය යටතේ විනාඩි 50ක් පුලුස්සා ගන්න.

පැණිපත් සාදා ගන්නා ආකාරය:
  • භාජනයක් ගෙන එයට වතුර ස්වල්පයක් දමා ගෙන සීනි ටික දමා මද ගින්දරේ හැදි ගා ගන්න.
  • බුබුළු දමා උඩට එන තෙක් ලිපේ තියා හැදි ගා ගන්න.
  • මෙය විනාඩි 15ක් පමණ කළ යුතු අතර ද්‍රාවණය උකු ගතියට එන තෙක් හැදි ගා ගන්න.
  • ද්‍රාවණය නුල් ඇදෙන පදම වන තෙක් සකසා ගන්න.
  • දැන් බේක් කරගත් පනා කැවුම් ටික දමා හැදි ගාන්න.
  • ඉන්පසු ලිප නිවා දමන්න.

වැදගත්:
  • මෙය බේක් කරනවා වෙනුවට ගැඹුරු තෙලේ බැද ගෙන ද පැණිපත් දමා ගත හැකිය.
  • පැණිපත් වල පදම නිවරැදි නම් වතුර වීදුරුවකට පැණිපත් දාවණයෙන් ටිකක් දැමූ විට යටට ගිලී යයි.
  • මෙම ප්‍රමාණ වලින් පනා කැවුම් 110ක් පමණ සාදා ගත හැකිය.

පල්ලෙ පොටෝ ටිකත් බලන්නකෝ:
 මේ තියෙන්නෙ හදාගත්ත පිටි මෝලිය

 මේ හදාගත්ත පනා කැවුම් ටික බේක් කරන්න කලින්

 මේ පනා කැවුම් ටික බේක් කරාට පස්සෙ

 මේ පනා කැවුම් ටික බේක් කරලා ඊට පස්සෙ පැණිපත් වලට දාලා ගත්තට පස්සෙ






ලිපිය ලිව්වේ: Ramona Jayamanne විසින්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment