About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Gulab Jamun (Jammu) - ගුලාබ් ජමුන් (ගුලාබ් ජම්මු)

ගුලාබ් ජමුන් නැත්නම් ගුලාබ් ජම්මු කියන්නෙ ඉන්දියානු රස් කැවිලි වර්ගයක්. හැබැයි ලංකාවෙ අයත් හදනවා මේ…
Gulab Jamun (Jammu) - ගුලාබ් ජමුන් (ගුලාබ් ජම්මු)
ගුලාබ් ජමුන් නැත්නම් ගුලාබ් ජම්මු කියන්නෙ ඉන්දියානු රස් කැවිලි වර්ගයක්. හැබැයි ලංකාවෙ අයත් හදනවා මේක. මේක හදල ඉවර උනහම පැණි බේරෙනවා. එක පාරක් හැදුවොත් නම් ආයෙ ආයෙ හදනවා. ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ගුලාබ් ජමුන් හදන විදිහ.

අවශ්‍ය දේවල්:
ගුලාබ් ජමුන් මිශ්‍රනය සදහා අවශ්‍ය දේවල්:
  • ඕනාම පිටි කිරි මේසහැදි 8
  • පාන් පිටි මේසහැදි 2
  • ආප්ප සෝඩා හෝ බේකින් පවුඩර් තේහැදි 1
  • වතුර හෝ කිරි ටිකක්
  • බටර් තේහැදි 1 1/2

සුගර් සිරප් එක සදහා අවශ්‍ය දේවල්:
  • සිනි කප් 1-1 1/2
  • වතුර කොප්ප 1/2
  • රෝස් වෝටර් ටිකක් හා කුරුදුපොතු කැලි දෙකක්

තව අවශ්‍යයි:
  • තෙල් හෝ ghee ටිකක්

දැන් හදමු:
ගුලාබ් ජමුන් මිශ්‍රනය සාදාගන්නා ආකාරය:
  • මුලින් ගුලාබ් ජමුන් මිශ්‍රනය සදහා අවශ්‍ය දේවල් සියල්ල එකට දමා හොදින් මිශ්‍ර කර ගන්න.
  • පසු වතුර හෝ කිරි ටික ටික දාලා හොඳ සෝප්ට් මිශ්‍රනයක් හදා ගන්න.
  • හරියට ඉදිආප්ප මිශ්‍රනය වගේ මේ ගුලාබ් ජමුන් මිශ්‍රනය එන්න ඕනා.
  • පසු ටික වේලාවක් හොදින් අනා ගන්න. අතට මිශ්‍රනයේ වෙලුණු ගතියක් දැනුනෝත් තව ටිකක් වතුර හෝ කිරි ටිකක් දාලා හොදින් අනා ගන්න.
  • පසු විනාඩි 15-20 වසා තියා ගන්න.

දැන් සුගර් සිරප් එක හදා ගනිමු
  • සාදාගන්නා ආකාරය:
  • සිනි කප් 1-1 1/2 අරගෙන එක භාජනයකට දමා එකට වතුර කොප්ප 1/2 කට ටිකක් අඩුවෙන් දාලා හොදින් උණු කරන්න.
  • එකට රෝස් වෝටර් ටිකක් හා කුරුදුපොතු කැලි දෙකකුත් දමා හොදින් උණු කරන්න.
  • පෙනෙවි සිනි හොදින් දිය වී ටිකක් තික්(උකු) ගතියට තියෙනවා. 

ඊට පස්සෙ,
  • දැන් ගුලාබ් ජමුන් මිශ්‍රනයක් පොඩි බෝල හදා ගන්න.
  • පසු තාච්චියට තෙල් හෝ ghee ටිකක් දාලා හොදින් රත් වෙන්න තියලා, එකට හදා ගත් ගුලාබ් ජමුන් දමා රන්වන් පාටට බැද ගන්න.
  • ඉක්මනින් ඉක්මනින් එහාට මෙහාට හරවමින් බැද ගන්න. නැතිනම් කලුපාට එන නිසා.
  • දැන් බැද ගත් ගුලාබ් ජමුන් සුගර් සිරප් එකට දාලා පැය 7-8 තියා ගන්න. එවිට ගුලාබ් ජමුන් එකට සුගර් සිරප් හොදින් උරා ගෙන රසයෙන් වැඩි නිසා. අනිත් එක ගුලාබ් ජමුන් සුගර් සිරප් එකට දාන කොට, සුගර් සිරප් එක ටිකක් රස්නේ ගතියෙන් තිබිය යුතුයි.

වැදගත්:
  • ෆ්‍රෙෂ් මිල්ක් දාලාත් හදන්න පුළුවන්.
  • කිරි කිව්වෙ පිටි කිරි.
  • ගින්දර හරිම අඩුවෙන් දමා බෝල ටික ගැබුරු තෙලේ(Deep fry) බැද ගන්න. නැතිනම් ඉක්මනින්ම කලුපාට වෙන්න බලනවා.
  • ගුලාබ් ජමුන් ටිකත් රස්නෙන් තියෙන්න ඕන සුගර් සිරප් එකට දානකොට. ගොඩක් රස්නෙට දමා ගන්න එපා. ලා රස්නේ ගතිය තියෙන කොට දමා ගෙන පැය ගානක් එම පැණි වල දමා තියන්න. එතකොට තමා හොඳ සෝප්ට් එකට එන්නේ.
  • සාමාන්‍යයෙන් ගුලාබ් ජමුන් හරියටම බදිනවා නම් ඝී වලින් තමා බදින්න ඕනා. නැතිනම් එලවලු තෙල් වලින්. ඒත් අපිට හොද පිරිසිදු පොල් තෙල් වලින් බදින්නත් පුලුවන්.

 මේ තියෙන්නෙ බැදගත්තට පස්සෙ

 ඔන්න හදලා ඉවරයි. ඔන්න එක ගුලාබ් ජමුන් එකක් දෙකට කැඩුවා. බලන්නකෝ ඇතුල. හරිම රසයි. පැණි බේරෙනවා!






ලිපිය ලිව්වේ: Kanchana Joseph මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment