මාශ්මෙලෝ, රටකජු එහෙම දාලා පොඩ්ඩන්ට තේ බොන වෙලාවට කන්න දෙන්න කෑමක් හදමුද? මේක බොහොම සරල කෑමක් වගේම ඉක්මනට හදන්නත් පුලුවන්.
අවශ්‍ය දේවල්:
අවශ්‍ය දේවල්:
- රෝස්ට් කරගත් අමු රටකජු
- අයිසින් සීනි
- මාශ්මෙලෝ
- බටර්
සාදාගන්නා ආකාරය:
- රට කජු වලින් කොටසක් බටර් එක් කර මෘදු පේස්ට් එකක් වන තුරු ග්‍රයින්ඩ් කරගෙන එයට රස අනුව අයිසින් සීනි එක් කරන්න.
- ඉතිරි කොසට තරමක් කෑලි හිටින ලෙස ග්‍රයින්ඩ් කරගන්න.
- මාශ්මෙලෝ කැබල්ලක් මැදට සිටින සේ රටකජු පේස්ට් එකෙන් ආවරණය කර බෝලයක් සාදාගන්න.
- කැබලි සිටින්න අඹරාගත් රටකජු උඩින් දවටා කෑමට ගන්නා තුරු ශීත කරණයේ තබා ගන්න.
- ඔච්චරයි. හරිම ලේසියි හදන්න.
ලිපිය ලිව්වේ: aniwa.lk වෙබ් අඩවියේ අය.