අවශ්‍ය දේවල්:
- තිබ්බටු
- අල ගෙඩි එකක්
- වියලි හාල්මැස්සන්
- මිරිස් කුඩු
- කහ
- තුනපහ
- රම්පෙ, කරපිංචා
- ලූණු
- ලුණු
- පොල් (මිටිකිරි, දියකිරි)
- තෙල්
- අබ මිටක්
- චොප් කරගත් ලූණු
- සුදුලූනු ටිකක්
- කුරුදු පොතු කැබැල්ලක්
සාදාගන්නා ආකාරය:
ලිපිය ලිව්වේ: Madushika D. මහත්මිය.
- තිබ්බටු හොඳින් සෝදා දෙකට කපාගන්න.
- අල ගෙඩි එකක් පොතු ඇර හීනියට කපා එකතු කරන්න.
- වියලි හාල්මැස්සන් සෝදා එයට එකතු කරන්න.
- මිරිස් කුඩු, කහ, තුනපහ, රම්පෙ, කරපිංචා, ලූණු, ලුණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න.
- පොල් ටිකක් ගා මිටිකිරි මිරිකා වෙනම තබාගන්න.
- පලමුව දියකිරි ටික එකතු කර පිසගන්න.
- දියකිරෙන් ඉදුනාට පසු මිටිකිරි එකතු කර මදගින්නේ පිසගන්න.
- හොඳින් පිසුනු පසු වෙනම භාජනයක් ලිප තියා තෙල් ස්වල්පයක් දමා අබ මිටක්, චොප් කරගත් ලූණු, සුදුලූනු ටිකක්, කුරුදු පොතු කැබැල්ලක් රත්වූ තෙලට දමන්න.
- හොඳින් බැදුණු පසු පිසගත් තිබ්බටු ටික එකතු කරගෙන තෙම්පරාදු කරගන්න.
තිබ්බටු
ලිපිය ලිව්වේ: Madushika D. මහත්මිය.