About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Nei Appam - නෙයි අප්පම්

මේහ හින්දු ආගමික අයගෙ කෑමක්. මේක කැවුම් වගේමයි. ඉනටර්නෙට් එකේ වීඩියෝ එකක් බලන් තමා මම හැදුවෙ. බලන්න…
Nei Appam - නෙයි අප්පම්
මේහ හින්දු ආගමික අයගෙ කෑමක්. මේක කැවුම් වගේමයි. ඉනටර්නෙට් එකේ වීඩියෝ එකක් බලන් තමා මම හැදුවෙ. බලන්නකෝ හදපු විදිහ එහෙනම්.

අවශ්‍ය දේවල්:
  • කැකුලු හාල් කෝප්ප 1 1/2
  • පිස ගත් බත් කෝප්ප 2
  • හකුරු බෑ 1
  • අවශ්‍ය නම් ගා ගත් පොල් කෝප්ප 1/2
  • ලුණු ටිකක්
  • කරඳමුංගු 3ක්
  • සීනි ටිකක් අවශ්‍ය නම්
  • බැද ගැනීමට පොල් තෙල්

සාදාගන්නා ආකාරය:
  • හාල් ටික පෙඟෙන්න තියන්න පැය 2ක් විතර (මම තිබ්බෙ පැය දෙකයි). හාල් ගත්තෙ රයිස් කුකර් එකේ කප් එකෙන්. පස්සෙ හාල් ටික සෝදලා වතුර පෙරල පැත්තකින් තියන්න.
  • හකුරු ගාගෙන ඒ ටිකට වතුර කෝප්ප 1 1/4 ව්තර දාල උනු කර ගන්න. නිවෙන්න තියන්න.
  • දැන් පැත්තකින් තිබ්බ හාල් ටික අරගෙන බ්ලෙන්ඩර් එකට දාන්න. ඒකටම උයා ගත්ත බත් ටිකත්, ලුණු, කරඳමුංගු දාන්න. අවශ්‍ය නම් පොල් දාන්න (මම දැම්මෙ නෑ).
  • නිවෙන්න තිබ්බ හකුරු මිශ්‍රණය මේ ටිකට දාල හොඳින් බ්ලෙන්ඩ් කරන්න. විනාඩි 3ක් විතර. පොඩ්ඩක් අල්ලලා බලන්න කෑලි තියෙනවාද කියලා. කෑලි අහු වෙනවා නම් ආපහු බ්ලෙන්ඩ් කරන්න. පැණි රස මදි නම් සීනි ටිකක් දාන්න. මට පැණි රස මදි හිතුනා. ඒ නිසා සීනි මේස හැඳි 2ක් දැම්ම. වීඩියෝ එකේ සීනි දාන්න කියලා තිබ්බෙ නෑ. ටිකක් උකු මිශ්‍රණයක් හදාගන්න. උකු වැඩි නම් වතුර චුට්ටක් දාන්න.
  • දැන් පොල් තෙල් ටිකක් රත් කරල, හදා ගත්ත මිශ්‍රණයෙන් ටිකක් දාල බැද ගන්න. මම මේස හැන්දෙන් එකක් දැම්ම. ඒ වගේම එක සමාන වෙන්න ඕන කියලා හිතුන නිසා කොණ්ඩ කැවුම් හදද්දී ගන්න රවුම දාලා, ඒකට තමයි පිටි ටික දැම්මෙ.
  • රන්වන් පාට වෙනකල් බැද ගන්න.

තේරුනා මදි වගේනම් පල්ලෙ තියෙන පොටෝ ටිකත් බලන්නකෝ:
පෙඟෙන්න තබා ගත් හාල් ටික සෝදලා වතුර පෙරල පැත්තකින් තිබ්බා

උයා ගත්ත බත් ටික

උනු කරගත් හකුරු

බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රනය

කොණ්ඩ කැවුම් හදද්දී ගන්න රවුම දාලා, හදා ගත්ත මිශ්‍රණයෙන් මේස හැන්දෙන් එකක්  අරගෙන රවුම තුලට දාලා බැද ගන්න හදන්නෙ.

ඔන්න බැදෙනවා. රන්වන් පාට වෙනකල් බැද ගන්න ඕන. කැවුම් හදනවා වගේම තමා.







ලිපිය ලිව්වේ: Indu Kumari Jayasekara මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment