මේක හදන්නේ අපේ මුස්ලිම් යාලුවො තමයි. මේක තව රසට හදන්න පුලුව්න් ක්‍රම එහෙම දන්නවනම් ඔන්න "ඉවුම් පිහුම්" අපිට කියන්න අමතක කරන්න එපා.
අවශ්‍ය දේවල්:
අවශ්‍ය දේවල්:
- වම්බටු ගෙඩි 1
- අල ගෙඩි 1
- අලු කෙසෙල් ගෙඩි 4
- පොල් කිරි කෝප්ප 1
- රට ලූනු ගෙඩි 1
- අමු මිරිස් කරල්2
- සුදු ලූනු බික් 3
- අබ ඇට
- ඉගුරු
- කහ කුඩු
- මිරිස් කුඩු
- තුන පහ කුඩු
- ලුනු කුඩු
සාදාගන්නා ආකාරය:
- අල, අලු කෙසෙල්, වම්බටු කොටු හැඩයට කපා ලුනු, කහ කුඩු එකතු කර බැද ගන්න.
- පෑන් එකක් (හෝ තාච්චියක්) ලිපේ තබා එයට තෙල් ටිකක් දමා තලා ගත් සුදු ලූනු, තලා ගත් ඉගුරු, අබ ඇට ටිකක්, කුරුදු, රම්පෙ, කරපින්චා එකතු කර බැදෙන්නට හරින්න.
- හොදින් බැදුන පසු ලූනු, අමු මිරිස් එකතු කරන්න.
- ඉන් පසු ලුනු, මිරිස්, තුන පහ කුඩු ටිකක් එකතු කරන්න.
- දැන් එයට පොල් කිරි කෝප්පය දමා උතුරන විට කලින් බැදගත් අල, අලු කෙසෙල්, වම්බටු දමා කලවම් කර ලුනු රස බලා ලිපෙන් බාගන්න.
වැදගත්:
- තව රසට ඕනනම් කොටුවට කපාගත්ත පීකුදු ටිකකුත් එකතු කරානම් හරිලු. ඔන්න ඒකනම් කිව්වේ තව මුස්ලිම් යාලුවෙක්.
ලිපිය ලිව්වේ: Thanuja Dilhani මහත්මිය.