About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Pumpkin Chutney - වට්ටක්කා චට්නි

වට්ටක්කා වලින් චට්නි හදන්නත් පුලුවන්න් කියලා දැනන් හිටියේ නැද්ද? ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ වට්ටක්…
Pumpkin Chutney - වට්ටක්කා චට්නි
වට්ටක්කා වලින් චට්නි හදන්නත් පුලුවන්න් කියලා දැනන් හිටියේ නැද්ද? ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ වට්ටක්කා වලින් චට්නි හදන්නේ කොහොමද කියලා.

අවශ්‍ය දේවල්:
  • ලෙල්ල ඉවත් කර, පොඩියට කපා ගත් වට්ටක්කා අවශ්‍ය ප්‍රමාණයට
  • හිනියට කපා ගත් ලුනු ටිකක්
  • කරපිංචා කොල ටිකක්
  • අබ ඇට ටිකක්
  • හිනියට කපා ගත් සුදුලුනු ටිකක්
  • ගම්මිරිස් කුඩු හා කහ කුඩු අවශ්‍ය ප්‍රමාණයට
  • රස අනුව ලුණු
  • ගරම් මසාල පවුඩර් ටිකක්
  • රස අනුව සිනි

සාදාගන්නා ආකාරය:
  • මුලින් භාජනයක් ලිපේ තියා, එයට තෙල් ටිකක් වැඩිපුර දමා ගන්න. (මම දැම්මේ තල තෙල්, මොකද අනිත් තෙල් ගොඩක් කාලා දැන් විදවන්න බැරි නිසා. තල තෙල් කියන්නෙ ශරිරයට හොද තෙල් වර්ගයක්.)
  • පසු තෙල් හොදින් රත් වු විට, එකට අබ ඇට හා සුදුලුනු ටික දමා බැදෙන්නට හරින්න.
  • පසු එයට කපා ගත් වට්ටක්කා කැලි ටික දමා හොදින් කලවම් කර, සාමාන්‍ය ගින්දරේ තියා, වට්ටක්කා ටික සෝප්ට් වනතුරු උයා ගන්න.
  • වට්ටක්කා හොදින් සෝප්ට් වු පසු එයට කපා ගත් ලුනු, කරපිංචා දමා හොදින් බැදෙන්නට හරින්න.
  • ටික වේලාවක් ගියාම, එයට රස අනුව ලුණු, ගරම් මසාල, ගම්මිරිස් කුඩු හා කහ කුඩු දමා හොදින් කලවම් කර ගන්න.
  • දැන් රස අනුව සිනි දමා හොදින් වට්ටක්කා ටික හැන්දෙන් පොඩි කර ගන්න.
  • ඔයාලාට කැමති නම් අමුමිරිස් ද දමා ගන්න පුලුවන්.

වැදගත්:
  • වට්ටක්කා තැම්බෙන්න වතුර දාන්න ඕන නෑ. මම එකයි රෙසිපි එකේ ලිව්වේ වට්ටක්කා චුටි කැලි වලට කපා ගන්න කියලා. එතකොට තෙල් ටිකක් වැඩිපුර දමා, වට්ටක්කා ටික දමා වසා තිබ්බාම, හොදට සෝප්ට් එකට එනවා.
  • තල තෙල් සුපර් මාකට්, වල ගන්න තියෙනවා.
  • ඔයාලාට කැමති නම් පමණක් තල තෙල් දාන්න. අනිවාර්ය නැහැ. කැමති තෙල් වර්ගයක් දමා ගන්න පුලුවන් හොදේ.

 


ලිපිය ලිව්වේ: Kanchana Joseph මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment