About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Tender Coconut Pudding - කුරුම්බා පුඩිම

අපි හැමදාම අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එකේ චොකලට් වලින්, එක එක දේවල් වලින් පුඩින් හදන විදිහ…
Tender Coconut Pudding - කුරුම්බා පුඩිම

අපි හැමදාම අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එකේ චොකලට් වලින්, එක එක දේවල් වලින් පුඩින් හදන විදිහ කියලා දෙනවනේ. ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ කුරුම්බා වලින් පුඩිමක් හදාගන්න විදිහ. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා.

අවශ්‍ය දෙවල්:
  • කුරූම්බා වතුර 275 ml
  • කිරි කප් 1/2
  • විප්ක්‍රිම් කප් 1/2
  • මිඩියම් සයිස් මිල්ක්මේඩ් ටින් 3/4 (මම ගත්තේ 390 g, ටින් එකෙන් 3/4)
  • ජෙලටින් මේසහැදි 1 1/2 හෝ 1 3/4
  • කුරූම්බා ගෙඩියේම මද ටික අවශයි (මේ සදහා ගොඩක්ම මෝරපු මද ගන්න එපා)
  • වැනිලා තේහැදි 1

සාදාගන්නා ආකාරය:
  • මුලින් ජෙලටින් ටික කප් එකකට දමා, කුරූම්බා වතුර වලින් 25ml දමා හොදින් කලවම් කර පෙගෙන්න තියන්න. විනාඩි 10 පමණ.
  • පසු එම ජෙලටින් ටික ඩබල් බොයිල් ක්‍රමයට (වතුර පිරවූ භාජනයක් ලිපේ තබා රත් කරන්න. දැන් තව භාජනයක් අරගෙන ඒකට ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගන්න ඕන දේවල් දාලා ඒක අර කලින් භාජනයේ වතුර උඩින් තබන්න. මේ විදිහට දිය කර ගන්න එකට තමා කියන්නෙ බොයිල් ක්‍රමයට දිය කරගන්නවා කියලා) දිය කර ගෙන පසෙකින් තියා ගන්න.
  • දැන් ඉතිරි කුරූම්බා වතුර ටික හා කුරූම්බා මද ටික බේලෙන්ඩර් එකකට දමා හොදින් බේලෙන්ඩර් කර ගන්න . (මුලින් කුරූම්බා මද ටික දමා , එයට කුරූම්බා වතුර ටික වෙන්න දමා බේලෙන්ඩ් කර ගෙන තමා, ඉතිරි කුරූම්බා වතුර ටික දමා බේලෙන්ඩර් කර ගන්න ඕනා. එතකොට හොදින් කුරූම්බා කැලි ටික බේලෙන්ඩර් වෙන නිසා)
  • දැන් එකටම කිරි ටික ද දමා හොදින් බේලෙන්ඩර් කර ගන්න.
  • පසු බේලෙන්ඩර් කර ගත් කුරූම්බා මිශ්‍රණය භාජනයකට දමා එකට හොදින් බීට් කර ගත් විප්ක්‍රිම් හා මිල්ක්මේඩ් ටික දමා හොදින් කලවම් කර ගන්න.
  • දැන් එකට හොදින් දිය කර ගත් ජෙලටින් හා වැනිලා ද, දමා හොදින් මිශ්‍ර කර ගන්න.
  • පසු පුඩිම් හදා ගන්න පුලුවන් බදුනක් අරගෙන, බටර් ටිකක් වෙන්න බ්‍රෂ් කර ගෙන (බටර් ටිකක් ගාගෙන), හදා ගත් පුඩිම් මිශ්‍රණය දමා ගෙන, එය ප්‍රිජ් එකේ පැය 6ක් 7ක් තියන්න සෙට් වෙන්න.
  • දැන් හොදින් සෙට් වු පුඩිම් එක ඉවතට අරගෙන, පුඩිම් බදුන උඩින් පිගානක් තියා හිමින් අනිත් පැත්තට හරවා ගෙන, කැමති විදියට සරසා ගන්න.
 
වැදගත්:
  • මතක ඇතිව මේ සදහා වතුර පැණි රස කුරූම්බා ගෙඩියක් තෝරා ගන්න.
 
මෙන්න තියෙනවා අපි හදාගත්ත එක..

මෙන්න කෑල්ලකුත් කැපුවා





ලිපිය ලිව්වේ: Kanchana Joseph මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment