About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chocolate Pudding - චොකලට් පුඩිම

අපි මීට කලිනුත් එක එක විදිහේ "චොකලට් පුඩිම්" හදන විදිහ අපේ මේ "ඉවුම් පිහුම්" ඇප…
Chocolate Pudding - චොකලට් පුඩිම
අපි මීට කලිනුත් එක එක විදිහේ "චොකලට් පුඩිම්" හදන විදිහ අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එකෙන් කියලා දුන්නනේ. මතකනේ "ඉරි දමපු" චොකලට් පුඩිමක් හදන විදිහ එහෙම කියලා දුන්නා නේද? හරි ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ තවත් විදිහකට රසම රස චොකලට් පුඩිමක් හදා ගන්න විදිහ. මේක හදන්න හරිම ලේසියි.

අවශ්‍ය දේවල්:
  • කිරි 500 ml
  • සීනි 100g
  • කොකෝවා පවුඩර් මේස හැදි 2 1/2
  • කෝන් පිටි මේස හැදි 2
  • වැනිලා තේ හැදි 1
  • Heavy cream මේස හැදි 2 (මේවා සුපර් මාකට් වල තියෙනවා ගන්න)
  • ඩාක් චොකලට් සිහින්ව කපාගත් මේස හැදි 4
  • ලුණු තේ හැදි කාලක්
  • හාල් පිටි තේ හැදි 2

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම කොන් පිටි, සීනි, කොකෝවා පවුඩර්, ලුණු, හාල් පිටි, බාජනයක කළවම් කරන්න.
  • ඉන් පසු කිරි ටික ටික එක්කර ගනිමින් මේ සියල්ල හොදින් දියකරන්න. මේ සදහා whisk එකක් පාවිච්චි කරන්න කැටි නොමැතිව කලවම් කිරීමට අවශ්‍ය නිසා.
  • දැන් මේ බාජනය මද ගින්නේ ලිප තබා හොදින් හැදි ගාන්න.
  • උකු වී බුබුලු නගින විට චොකලට් සහ heavy cream ටික, වැනිලා එක්කර දියකරගෙන ලිප නිවන්න.
  • දැන් විනිවිද පෙනෙන බාජනයකට දමා නිවුණු පසු ශීතකරණයේ තබා හීනියට කපා ගත් චොකලට්, කජු, ආමන්ඩ්වැනි දෙයකින් සරසා ගන්න.
  • අන්තිමට රස කර කර කන්න.
 
 මේ  තියෙන්නෙ හදපු එක. උඩ තියෙන පොටෝ එකයි මේකයි දෙකම එකයි. පාට වෙනස් වගේ පෙන්නේ මේ පොටෝ එක ගත්තෙ ලයිට් එකක් යටදි.


වැදගත්:
  • ජෙලිටින් දන්නේ නැතුව මේ පුඩිම හයි වෙනවා. හැබෑයි ගොඩාක් ඝණ්කමට හයි වෙන් නෑ.





ලිපිය ලිව්වේ: Shamila Kosalee මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment