About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Jaggery Pudding - හකුරු පුඩිම

"මයුරි නිසංසලා" කියලා ඔයාලා වගේම අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එකේ අහාර වට්ටෝරු බලන…
Jaggery Pudding - හකුරු පුඩිම
"මයුරි නිසංසලා" කියලා ඔයාලා වගේම අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එකේ අහාර වට්ටෝරු බලන මිතුරියක් අපිට ඊමේල් කිහිපයක් එවලා තිබුනා හකුරු පුඩිම හදාගන්න විදිහ කියලා දෙන්න කියලා. ඔන්න මයුරි, මේක ඔයාට. ටිකක් පරක්කු වුනා කියලා දෙන්න නම්. ඒ ගැන සමාව දෙන්න ඕන අපිට ඕන්. මේ හකුරු පුඩිම හදන්න හරිම ලේසියි. බලමුකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා.
අවශ්‍ය දේවල්:
  • හකුරු 250ml
  • වතුර 200ml
  • උකු පොල් කිරි 400ml
  • ජෙලටින් මේස හැදී 2
  • කජු, වියළි මිදී

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම හකුරු පොඩි කර වතුර වල දිය කර ගෙන පෙරා ගන්න.
  • එයටම ජෙලටින් එක් කර හොඳින් දිය කර ගන්න.
  • දැන් උකු පොල්කිරි හා දිය කර ගත් හකුරු මිශ්‍ර කර ලිපේ තබා මද ගින්නේ උණු කර ගන්න.
  • බේක් කර ගත් කජු, වියළි මිදී එකතු කර මද වේලාවකින් ලිපෙන් බා ගන්න.
  • නිවුනු පසු ශීතකරණයේ තබා ගැනීමෙන් අනතුරුව කෑමට ගන්න.

පල්ලෙ තියෙන පොටෝ ටිකත් බලන්නකෝ:

ඔන්න හදලා නම් ඉවරයි.

 ඔන්න අපිනම් කෑල්ලකුත් කැපුවා..





ලිපිය ලිව්වේ: Meenu Ranasinghe‎ මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment