About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Bread Pudding - පාන් පුඩිමක් (ස්ටීම් කරලා හදමු)

ඔන්න වන් එකක් නැති අපේ "ඉවුම් පිහුම්" යාලුවන්ට සුභ ආරන්චියක්. දැන් කියලා දෙන්න හදන්නෙ හුම…
Bread Pudding - පාන් පුඩිමක් (ස්ටීම් කරලා හදමු)
ඔන්න වන් එකක් නැති අපේ "ඉවුම් පිහුම්" යාලුවන්ට සුභ ආරන්චියක්. දැන් කියලා දෙන්න හදන්නෙ හුමාලෙන් තම්බාගෙන හදාගන්න පුලුවන් රසම රස පාන් පුඩිමක් හදාගන්න විදිහ. පොටෝ ටික බැලුවම රස දැනෙනව නේද? මීට කලිනුත් අපි අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එකේ පාන් පුඩින් හදන විදිහ කියලා දීලා තියෙනවා. ඒවත් චුට්ටක් බලන්නකෝ. බලලා අදහස් එහෙම ගන්න.

අවශ්‍ය දේවල්:
  • ෆ්‍රෙෂ් මිල්ක් (නැවුම් කිරි) කප් 2 (500ml පමණ)
  • පාන් පෙති 4 (දවසක් පරණ)
  • සීනි කප් 1/2 + සීනි මේස හැදි 3 (කැරමල් සදහා: ඒ කියන්නෙ පැණි වලට කියලා හිතාගන්නකෝ )
  • බිත්තර 3
  • වැනිලා තේ හැදි 1

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම පාන් පෙති ටික පොඩියට කඩලා බෝල් එකකට (භාජනයකට දාගන්නකෝ) දාගන්න.
  • කිරි වලට සීනි කප් 1/2 එකතු කරලා දිය කරගන්න.
  • කිරි ටික පාන් වලට එකතු කරලා චුට්ටක් තියන්න.
  • ඒ අතරෙ සීනි ටික කැරමල් කරගෙන (සිනි ටික ලිපේ තියලා පැණි කරගන්න කියලා කියන්නෙ මෙයා. කර කරගන්න එපා) පුඩින් එක හදන බෝල් එකට දාලා පතුල වටේම කැරමල් ටික යවන්න.
  • කිරි-පාන් මිශ්‍රනයට බිත්තරයි වැනිලයි දාලා හොදින් මිශ්‍ර කරන්න.
  • දැන් කැරමල් කරගත්ත බෝල් එකට මේ මිශ්‍රනය දාන්න.
  • විනාඩි 45ක් පමණ හුමාලෙන් තම්බා ගන්න.
  • දැන් ඉතින් කූල් කරලා හෙමීට කන්න තමා තියෙන්නෙ. නැත්නම් රස්නෙ පිටම කාලා දිව චුට්ටක් පුච්චගන්න.

වැදගත්:
  • මේ පුඩිමට ප්ලම්ස්, කජු, රටඉදි වගේ දැම්මොත් තවත් රසයී.
 
 මෙන්න තියෙනවා අපි හදාගත්ත රසම් රස පුඩිම
 
ඔන්න මන් නම් කෑල්ලකුත් කැපුවා..හිතට හරි මදි. චූටි වැඩිද මන්දා කෑල්ල..

ඇත්තටම චූටි වැඩී. මේකනම් මදි මට.. 





ලිපිය ලිව්වේ: Thulara Karunarathne මහත්මිය. මන් චූට්ටම චූට්ටක් ඒක සංස්කරණය කලා.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment