About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Steamed Biscuits Pudding - චොකලට් සෝස් දැමූ බිස්කට් පුඩිමක් (සිටීම් කරලා)

ඔන්න තවත් රසම රස පුඩිමක් හදාගන්න විදිහ තමා දැන් කියලා දෙන්න යන්නෙ. මේක ටිකක් අලුත් ක්‍රමේකට හදන්නෙ.…
Steamed Biscuits Pudding - චොකලට් සෝස් දැමූ බිස්කට් පුඩිමක් (සිටීම් කරලා)
ඔන්න තවත් රසම රස පුඩිමක් හදාගන්න විදිහ තමා දැන් කියලා දෙන්න යන්නෙ. මේක ටිකක් අලුත් ක්‍රමේකට හදන්නෙ. ඒ කියන්නෙ සාමාන්‍යයෙන් බිස්කට් පුඩින් ස්ටීම් කරන්නෙ නෑනෙ. ස්ටීම් කරලා ගොඩක් වෙලාවට හදන්නෙ පාන් පුඩින්. මෙතනදී වෙනසකටත් එක්ක පාන් වෙනුවට බිස්කට් දාලා අලුත්ම පුඩිමක් තමයි හදලා තියෙන්නෙ. ඔයාලත් හදලා බලන්නකෝ.

අවශ්‍ය දේවල්:
  • ෆ්‍රෙශ් මිල්ක් (නැවුම් කිරි) 500ම්ල්
  • බිත්තර 4
  • මාරි බිස්කට් පොඩි පැකට් 1ක්
  • සීනි රස අනුව
  • වැනිලා හා කුකින් චොකොලට් (cooking chocolate) ටිකක්

සාදාගන්නා ආකාරය:
  • කිරි, සීනි, වැනිලා හා බිත්තර එකට දාලා බ්ලෙන්ඩ් කර ගන්න. බිස්කට් ටික තරමක කෑලි වලට කඩලා මේකට දාන්න. දැන් මේක විනාඩි 30ක් විතර ස්ටීම් කර ගන්න.
  • චොකලට් ටිකකට කිරි ටිකක් හා සීනි ටිකක් දාලා උනු කරලා සෝස් එකක් හදා ගන්න.
  • දැන් පුඩින් එක ස්ටීමර් එකෙන් එලියට ඇරන් පුඩින් එක දාපු භාජනෙන් එලියට ඇරන් අනිත් පැත්ත හරවන්න.
  • ඊට පස්සෙ අර කලින් හදාගත්තු සෝස් එක පුඩින් එක උඩින් දාන්න.
  • ඊට පස්සෙ මේක කූල් කරලා රස බලන්න තමා තියෙන්නෙ.




ලිපිය ලිව්වේ: Kanchana Jayasekara මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment