About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kuli Paniyaram - කුලිපනියාරම්

එන්න ස්වීට් කුලිපනියාරම් කමු! මේක දකුණු ඉන්දීයාවේ ප්‍රචලිත කෑම වර්ගයක්. පැණි රස මේන්ම මිරිස් රසටද ම…
Kuli Paniyaram - කුලිපනියාරම්
එන්න ස්වීට් කුලිපනියාරම් කමු! මේක දකුණු ඉන්දීයාවේ ප්‍රචලිත කෑම වර්ගයක්. පැණි රස මේන්ම මිරිස් රසටද මෙය සාදා ගන්න පුලුවන්. ස්වීට් පනියාරම් සහ මසාල තේ එකක් සමඟ මේක හවස තේ වෙලාවට නියමයි.

අවශ්‍ය දේවල්:
  • රුලං - 1/2 කෝප්ප
  • ගාගත් පොල් - 1/2 කෝප්ප
  • ග්‍රෙට් කරගත් හකුරු - 1/2 කෝප්ප
  • පාන්පිටි - 3 tblsp
  • එනසාල් කුඩු ටිකක් , ලුණු කුඩු ටිකක්
  • ආප්ප සෝඩා ටිකක්
  • එළවළු තෙල් බැඳීමට

සාදාගන්නා ආකාරය:
  • රුලං, පොල්, පාන්පිටි, ග්‍රෙට් කරගත් හකුරු, ආප්ප සෝඩා, ලුණු, එනසාල් මේ සියල්ල එකට දමා වතුර ස්වල්පයක් දමා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.
  • දැන් එය විනාඩි 15ක් විතර පිපෙන්න තබන්න.
  • ඉන්පසු කුලිපනියාරම් පෑන් එක රත්කරල එකට තෙල් ටික ටික දමන්න තෙල් රත්වන විට මෙම මිශ්‍රණයෙන් ටික ටික වත්කරගෙන මූඩීයකින් වසා අඩු ගින්දරින් බැද ගන්න.
  • එක පැත්තක් බැදුණු පසු අනෙක් පැත්ත හරවා බැද ගන්න.
  • රස්නය පිටින් කෑමට ගන්න.
 මේ තියෙන්නේ කුලිපනියාරම් හදාගන්න ගන්න පෑන් එකක කුලිපනියාරම් හදාගන්න අවස්තාවක පින්තූරයක්.

 පෑන් එකට තෙල් දාපුවහම තියෙන්නෙ මෙහෙම






ලිපිය ලිව්වේ: Nazrina Hussain මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment